අද(19) පෙරවරුවේ හබරාදුව, උණවටුන, යද්දෙහිමුල්ල හෝටලයක් තුළ දී වයස අවුරුදු 28 ක් වූ ස්වීඩන් ජාතික කාන්තාවකට ස්ත්රී දූෂණය සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධව හබරාදුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
සැකකරු හඳුනාගෙන ඇති අතර මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බව පොලිසිය පවසයි.
හබරාදුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
මේ අතර අද(19) පෙරවරුවේ බදුල්ල සුජාතා විද්යාලය ඉදිරිපිට දී වෑන් රථයක් නවතාගෙන එම ස්ථානය පසු කරන පාසැල් දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර සිදුකිරීමට උත්සාහ කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු බදුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.





