ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කලහකාරී ලෙස හැසිරුණෙ යයි චෝදනා ලද එජාප පළාත් සභා මන්ත්රින් 3 දෙනෙකු ඇතුළු 10 දෙනෙකු ලබන ජනවාරි 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නට අද අධිකරණ නියෝගයක් නිකුත් වුණා’
මෙම චෝදනාවන්ට ලක්වූයේ
මෛත්රී ගුණරත්න
ශිරාල් ලක්තිලක
රවි ජයවර්ධන
ලාල් පෙරේරා
අරුණ දහනායක
ආරියරත්න සත්තේරු
චන්දිම නයනජිත්
සහ යොවුන් පෙරමුණේ තුන් දෙනෙකි’
අයුතු ජන රාශියක් සිදු කිරීම දේපළ වලට අලාබහානි කිරීම මොවුන්ට එරෙහි චෝදනා වූ අතර රනිල් වික්රමසිංහ මහතාගේ වාහනයට අලාබ කර තිබීම ගැන එම රියදුරුගෙන් අධිකරණය ප්රකාශයක්ද ලබා ගත්තා’
මොවුන්ව බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවන ලෙසද නුගේගොඩ ප්රධාන මහේස්ත්රාත් රෝහණ අනුර කුමාර මහතා නියෝග කළා’
සිරිකොත ගැටුමේ ජායාරූප එකතුව






