Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මංගලගේ ආසාව සහ මිරර් විකිණීම...

මංගල රාජපක්ෂ කෙනකු කැමරාවට හසුකරගෙන...

මංගල‍ගේ ‘ශ‍්‍රී ලංකා මිරර්’ වෙබ් අඩවියත් විකුණයි...

රාජපක්ෂලා ඒකාධිපතියන් යැයි කියමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ වූ මංගල සමරවීර මහතා පසුගිය කාලයේ වේදිකා පුරා රාජපක්ෂලා පට්ට ගැහුවේය.
ඒත් දැන් නම් මංගල සමරවීර මහතාට රාජපක්ෂලා ගැන ආසාවක් ඇතිවෙලා වාගේය. සමරවීර මහතා තමන්ගේ ජංගම දුරකතනයෙන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ඡායරූපයක් ගන්නේ ඒ නිසාද දන්නේ නැත.

මෙලෙස මංගල, රාජපක්ෂ කෙනකු කැමරාවට හසුකර ගන්නා අයුරු කැමරා කාචයට හසු වූයේ පසුගියදා පැවැති ටොප් 25 සම්මාන ප්‍රදානෝත්සවයේදීය.

මංගල‍ගේ ‘ශ‍්‍රී ලංකා මිරර්’ වෙබ් අඩවියත් විකුණයි... නව හිමිකරු දුමින්ද මායාදුන්නේ...

එක්සත් ජාතික පක්‍ෂ මාධ්‍ය ඒකක බාර මන්ත‍්‍රී මංගල සමරවීර යටතේ ක‍්‍රියාත්මක වූ පසුගිය කාලයේදී විවිධ ආකාරයේ චෝදනාවන්ට ලක්ව අධිකරණය ඉදිරිය්ද පෙනී සිටි’ශ‍්‍රී ලංකා මිරර්’ වෙබ් අඩවිය දුමී ඉන්ටනැෂනල් ආයතනය වෙත විකුණා ඇති බවට වාර්තා වෙනවා.

ඒ අනුව එම වෙබ් අඩවියේ නව හිමිකරු වන්නේ දුමින්ද මායාදුන්නේ වන අතර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උදය ශ‍්‍රී කාරියවසම් එහි නව කලමණාකාරවරයා ලෙස කටයුතු කරනවා.

එම වෙබ් අඩවියේ සේවය කළ කාර්යය මණ්ඩලයේ වෙනසක් සිදු කොට නැති අතර ‘ශ‍්‍රී ලංකා මිරර්’ වෙබ් අඩවිය දුමී ඉන්ටනැෂනල් වෙත විකුණුවේ කීයකට දැයි යන්න තවමත් අනාවරණය වී නොමැත.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us