.jpg)
බ්රසීල රාත්රී සමාජ ශාලා ඛේදවාචකය...
පෙරේදා දකුණු බ්රසීලයේ සාන්ත මරියා නගරයේ කිස් නම් රාත්රී සමාජ ශාලාව් ඇති වූ ගින්නකින් පුද්ගලයන් 231ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි...
ගින්නේ විෂදුම ආඝ්රාහනයෙන් සහ එතැන හටගත් කලබලයේදී එකිනෙකාට පෑගීමට ලක්වීමෙන් වයස 16-20 අතර තරුණ තරුණියන් ගේ ජීවිත අහිමි වුණා.
එම ගින්න ආරම්භ වී ඇත්තේ එහි සිටි සංගීත කණ්ඩායම විසින් සිදු කළ පයිරෝටෙක්නික්ස් ගිනිකෙළි සංදර්ශනය ඇරඹීමත් සමග එහි තිර රෙද්දකට ගිනි ඇවිලී පැතිරයාමෙන් ඇතිවූ ගින්නෙන්ය.කලබලයට පත් පිරිස් ඉන් ඉවතට යාමට උත්සාහ කළද විෂ වායු ආඝ්රාණයෙන් බොහෝ දෙනෙකු මියගියා.
ආරක්ෂකයන් දොරටු ආවරණය කර තිබුණ නිසා මරණ සංඛ්යාව තවත් ඉහළ ගිය බව පැවසුණා.
මෙහි ශබ්ද වාහක ඇතුරුම් ගිනි ගැනීමෙන් විශාල දුමක් ඇති වී තිඛෙන අතර වැඩි දෙනා මිය ගොස් ඇත්තේ විෂ දුම ආඝ්රාහනය කිරීම හේතුවෙනි.
මෙම ගින්න ඇති වන අවස්ථාවේදී කිස් රාත්රී සමාජ ශාලාවේ පුද්ගලයන් 500ක් පමණ සිට ඇති බවත්, අනතුරෙන් බොහෝ අය මියගොස් තිබෙන්නේ පෑගීම හෝ හුස්මගැනීමට නොහැකිව බවත් විදෙස් වාර්තා වල තවදුරටත් දැක්වේ.ඇතැමුන් එකිනෙකා මත වෙලී මිය ගොස් සිටි බව ද වාර්තා වුණා.
මේ වන විට සිද්ධියෙන් මියගිය තරුණ තරුණියන් රැසකගේ අවසන් කටයුතු සිදු කර අවසන්ය.
මෙම ඛේදවාචකය හේතුවෙන් බ්රසීලයේ පැවැත්වෙන 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පෙර දින 500 සලකුණු කරමින් බ්රසීලියා අගනුවර පැවැත්වීමට සංවිධානය කර තිබූ උත්සවය කල්දමන්නටත් සිදු වුණා.
සිද්ධියේ ඡායාරූප එකතුවක් පහතින්
සිද්ධියේ වීඩියෝ දෙකක් පහතින්
























