ඊයේ අප වාර්තා කළ අයිපෑඩ් සොරකමේ ගිය නිරූපිකාව පිළිබඳ පුවතට අදාළ ඇත්ත කතාව විස්තරවූ කතාවට වෙනස් එකක් බව එම සිද්ධියට මුහුණ පෑ 21 හැවිරිදි තරුණිය වන සකුරා සෞම්යා කුමාරි අප අමතමින් පැහැදිලි කරනු ලැබුවා.
මේ ගැන මුලින් වාර්තාවූයේ පසුගිය දිනක මෙම සැකකාරිය කොල්ලූපිටියේ ක්රෙස්කැට් සාප්පු සංකීර්ණයේ සාප්පුවකට දැන්වීමක් ලබාගැනීමට අවශ්ය බව පවසා ගොස් එහි අයිතිකරු ඇතුළට ගිය වේලාවේ ඔහුගේ අයිපෑඩ් එක සොරකම් කර ඇති බවය.
නමුත් සකුරා සෞම්යා කුමාරි පවසන්නේ ඇය එම අයි පෑඩ් එක අයිතිකරු ඉදිරිපිට ඔහු දැනුවත්ව එතැනින් රැගෙන ආ බවත් ඔහු තමාට සිදු කළ මුදල් නොගෙවීමක් සම්බන්ධව ඇපයට එය ලබාගත්තේ එම මුදල් නැවත දුන් පසු අයිපෑඩ් එක බාරදෙන අදහසින් බවත්ය.
මම ඇත්තටම නිරූපිකාවක් නෙමෙයි. උත්සව වලට නිරූපිකාවන් සපයන කෙනෙක්. මට
සරසි ක්රියේෂන්ස් කියල මොඩල් බෑන්ක් එකක් තියනවා. මීට මාස තුනකට කලින් අවොඩ් සෙරමනි එකක් තිබ්බ ඒක ඔය කියන ව්යාපාරිකයා තමා සංවිධානය කළේ. ඒකට අපෙන් මොඩල්ස්ල ඉල්ලල තිබ්බ. අපි සල්ලි දුන්නම තමා මොඩල්ස්ලව දෙන්නෙ. ඒත් සාමාන්යයෙන් අපිට මීට කලින් වැඩ දීල තියන විශ්වාසේ මත කට වචනෙට සමහරුන්ට මොඩල්ස්ලව සපයන අවස්ථා තියෙනව. අපි ඒ ව්යාපාරිකයටත් ඒ වචනෙ විශ්වාසෙ තියල සෙරමනි එකට මොඩල්ස්ල දුන්නා. ඒකෙ පේමන්ට් එක එයා මට දෙන එක ඩිලේ වුණා. මං ඒ ගැන කිව්වත් සතපහකටවත් ගණන් ගන් නැතිව මග ඇරියා.මාස තුනහතරක් ගියත් ලැබුනෙ නෑ. ක්රෙස්ට් කැට් එකේ වෙච්ච දෙයක් නෙමෙයි මේක. ක්රෙස්ට් කැට් එකේ මේ ව්යාපාරිකයාට තියනව ඔෆීස් එකක්.
සිද්ධිය වෙච්ච දවසෙ එයා තව සැරයක් මගෙන් මොඩල්ස්ල ඉල්ලූවා.මං තුන්දෙනෙක් එක්ක එතැනට ගියා. නමුත් මොඩල්ස්ල ඒ වැඩේ කරන්න අකමැති වෙලා පිටවෙල ගියා. ඊට පස්සෙ මං එයත් එක්ක ගනුදෙනුව ගැන ආයෙත් ඇහුව.එයා සල්ලි දුන් නෑ. මං එයාට කියල එයා ඉදිරිපිටදිම අයි පෑඩ් එක අරගත්තා. ඒක ආයෙත් දෙන්නෙ මුදල් දුන්නම කියල. එයා ඒ වෙලාවෙ මුකුත් කිව්වෙ නෑ. මං ඒක අරගෙන ආවා. පස්සෙ මට කෝල් කරල කිව්ව ආයෙත් ඒක දෙන්න කියල.මං ගණන් ගත්තෙ නෑ. මොකද මට මුදල් නොදී තියෙද්දි මං ඒක දුන්නොත් මගෙත් මෝඩකම.කොහොමහරි ඊට පස්සෙ පොලිසියෙ පැමිණිලි කරල තිබ්ඛෙ මම එයාගෙන් ඒක හොරෙන් අරගෙන ආවා කියල තමා. මම මෙතැන වරදක් කරල නෑ. මගේ නීතීඥයින් මේ කාරණාව උසාවියේදී කිව්ව. මට එයාගෙන් මුදල් ලැඛෙන්න තියෙද්දි නොදී ඉඳලා දැන් එයා මාව හොරෙක් කරන්න හදනවා.
සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව පහතින්
-------------------------------
අයි පෑඩ් සොරකමේ ගිය සෞම්ය..
පසුගිය ජනවාරි 12 වන දින රුපියල් අසූපන්දහසක් වටිනා අයිපෑඩ් එකක් සොරකම්කල නිරුපිකාවක අධිකරණයේදී සිය වරද පිළිගෙන ඇත.
මෙසේ අයිපෑඩ් උපකරණය සොරාගෙන ඇත්තේ සකුරා සෞම්යා කුමාරි බණ්ඩාරනායක නිරුපිකාවකි.
පසුගිය ජනවාරි මස 12 දින මෙම නිරුපිකාව කොල්ලුපිටිය කේරස්කැට් සාප්පු සංකීර්ණයේ පිහිටි මොනාච්චි හවුස් ආයතනයට දැන්වීමක් ලබා ගැනීමට අවශ්ය බව පවසා ගොස් ඇත.
පසුව එහි අයිතිකරු වන මොහොමඩ් ෆායින් රොෂාන් නැමැත්තා ඇය සමඟ සාකච්ඡා කර ඔහු එම වෙළෙඳ ආයතනයේ ඇතුළට ගිය අතරතුර ඔහුගේ අයිපෑඩ් එක මෙම නිරුපිකාව විසින් සොරකම්කොට ඇත.
ඒ අනුව එම ව්යාපාරිකයා කොල්ලුපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව එම නිරුපිකාව අත්අඩංගුවට ගනු ලැබුණි.
මෙම නිරුපිකාවට දඬුවම් නියමකිරිම කොටුව මහෙස්ත්රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් මාර්තු 7 දිනට කල් තබා ඇත.
එම නිරුපිකාව පෙනී සිටි වීඩියෝවක් පහතින් බලන්න









