Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

 වන්දිය රු.කෝටියක ඉල්ලා ඉරාජ්ට නඩු..

හර්බට් එම් සෙනවිරත්න විසින් රචනා කරන ලද මට "මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ" පැරණි ගීතයේ පද මාලාව වෙනස් කර තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළැයි ජනප්‍රිය සංගීත නිර්මාණකරු  ඉරාජ් වීරරත්නට එරෙහිව රුපියල් කෝටියක වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා තිබේ.

එම ගීතය ලියා තිබෙන්නේ 1950 වසරේදී හර්බට් එම් සෙනවිරත්න මහතා විසිනි. නඩුව පවරා ඇත්තේ දැන් ගීතයේ දැන් හිමිකරුවන් වන ඔහුගේ බිරිඳ වන ස්වර්ණා ලක්ෂ්මී සෙනවිරත්න සහ පුත් චින්තන සෙනවිරත්න විසිනි.
පද රචකයාගේ අවසරයකින් තොරව පද මාලාව වෙනස් කර ඇති ඉරාජ් ට ලබන 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස එම අතුරු තහනම් නියෝග නොතීසියක් නිකුත් කර තිබෙනවා.

ඒ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණී රොහාන් අමරසේකර මහතා ඉදිරියේ නඩුව විමසූ අවස්ථාවේදීය.

ඉරාජ් වීරරත්නගේ ගීත වලින් බහුතරයක්ම මේ ආකාරයේම දෙමල හා වෙනත් භාෂා වලින් ගැයුණු ගීත වලින් සොරාගන්නා ලද තනු ය.

ඉරාජ් විසින් තනුව වෙනස් කළ ගීතය පහතින්.



ලතා වල්පොල මහත්මිය ගායනා කරන මුල් ගීතය පහතින්.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us