ඇන්ටනොව් යානය වසර 15 කට පසු ගොඩ එයි...
ලයන් එයාර් සුන්බුන් සමඟ කාන්තා හැඳුනුම්පතක් හා මිනිස් අස්ථි රැසක් හමු වේ...
1998 සැප්තැම්බර් මස 29 වැනිදා ලයන් එයාර් සමාගමට අයත් ඇන්ටනොව් 24 වර්ගයේ ගුවන් යානයක් එහි ගමන්ගත් කාර්ය
මණ්ඩලයද ඇතුළු මගීන් පනස් පස් දෙනකු සමග ඉරනතිව් දූපතට කිලෝ මීටර 04ක් දුරින් වු උතුරු මුහුදු තීරයේදි එල්.ටී.ටී.ඊ. මිසයිල ප්රහාර හමුවේ මහ මුහුදට කඩා වැටුණි..
එම කඩා වැටුණු ගුවන් යානයේ සුන්බුන් අද(4) මුහුදු පත්ලෙන් ගොඩ ගැනීමේ කටයුතු නාවික හමුදාව විසින් සිදු කරමින් සිටින අතර..
ගුවන් යානයේ කොටස් කිහිපයක් නාවික හමුදාවට අයත් නැවක දොඹකරයකින් ගොඩ ගෙන ඇති බව නාවික හමුදා මාධ්ය ප්රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය මහතා පවසා සිටි..
මෙලෙස ගොඩ ගෙන ඇත්තේ ගුවන් යානයේ එන්ජිම, මෝටරය, ඉදිරිපස කොටස ඇතුළු කොටස් කිහිපයක්ය මුහුදේ රළු බව නිසා ඉතිරි කොටස් ගොඩ ගැනීම අපහසු වී ඇතැයි නාවුක හමුදා ආරංචි කියයි.මෙලෙස ගොඩගත් සුන්බුන් අතර තිබී එහි ගමන් කළ පුද්ගලයින්ගේ අස්ථි කොටස්, ඇඳුම් කැබලි , සපත්තු , රත්රං දතක්, කාන්තා හා පිරිමි ඇඳුම් විශාල ප්රමාණයක් සහ ගමන් මලු කිහිපයක් සහ එහි ගමන් ගත් මගියෙකුගේ එක පැත්තක් පමණක් පැහැදිලිව පෙනෙන ජාතික හැඳුණුම්පතක්ද සොයා ගැනීමට කිමිඳුම් කරුවෝ සමත් වූහ..එහි ඡායාරූපය එක් පැත්තක් පැහැදිලිව ඇතත් අනිත් පැත්තේ ඇති නම් ගම් මැකී ඇත.
අධිකරණ නියෝගයක් මත ගුවන් යානය ගොඩ ගැනීම සිදු කරන අතර එය අධීක්ෂණය සදහා නීතිපති දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පුරාවිද්යා දෙපාර්තමේන්තුව, සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව සහභාගි වෙයි.
ගුවන් යානයට ප්රහාරය එල්ල වන අවස්ථාවේ ඒහි ද්රවිඩ ජාතික මගීන් 48 දෙනෙක් හා කාර්ය මණ්ඩලයේ තිදෙනෙක් ද රුසියානු ජාතික ගුවන් නියමුවන් 4 දෙනෙක්ද සිට ඇති අතර ඔවුන් සියලු දෙනා මියගොස් ඇත..
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්රස්ත වීමර්ශන ඒකකය වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි..මීට පෙරද අවස්ථා 03කදී ලයන් එයාර් ගුවන් යානයේ සුන්බුන් ගොඩගැනීමට උත්සහ කළ ද අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වීම හේතුවෙන් එම උත්සහයන් ව්යාර්ථ වුණි.
මූලික විමර්ශනවලින් දැනට හඳුනාගෙන තිබෙන මෙම ගුවන් යානය කඩා වැටී තිබෙන ස්ථානයට ඊයේ (03) පැමිණි මෙම විමර්ශන කණ්ඩායම් යානය ගොඩගැනීමේ කටයුතු ආරම්භ කළ අතර මෙම මූලික කටයුතුවලින් අනතුරුව නාවික හමුදාවේ නෞකා දෙකක් මගින් ගුවන් යානයේ සුන්බුන් ගොඩට ගැනීම අද (04 දා) සිදු කර තිබේ..
ගුවන් යානයේ කොටස් 16 ක් මුහුදු පතුලේ තිබෙන බව හඳුනාගෙන ඇති අතර එම කොටස් එකිනෙක ගොඩට ගෙන කන්කසන්තුරේ නාවික හමුදා වරාය වෙත රැගෙන යනු ඇත...මන්නාරම පුනරීන් මාර්ගයේ කච්චිකුඩා ගොඩබිම් ප්රදේශයේ සිට නාවික සැතපුම් 9.5 ක දුරින් සහ ඉරණතිව් දූපතේ සිට නාවික සැතපුම් 2.5 ක් දුරින් මුහුදේ මීටර 20 ක් පමණ ගැඹුරු පතුලේ මෙම යානයේ කොටස රැඳී ඇති අතර ඊයේ (03 දා) එම ස්ථානයට ළඟා වූ කිමිදුම්කරුවෝ යානයේ කලු පෙට්ටිය සෙවීමේ උත්සාහයක නිරත වූහ.
-පෙර පුවත්-
ගුවන් සේවිකව තවමත් ජිවතුන් අතරලු...




