
රු. පන්ලක්ෂයක පමණ පඬුරු මුදල් හොරකම් කරයි...
ඓතිහාසික හික්කඩුව සීනිගම දේවාලය සොරුන් විසින් බිඳ දමා දේවාලයේ පිං පෙට්ටිවල තිබූ පඬුරු ගබඩා කර තැබෙන කාමරයේ තිබු ගෝනී එක හමාරක තිබූ මුදල් කිසියම් පිරිස විසින් හොරකම් කර ඇති බව දේවාලයේ භාරකරු විසින් මේ බව මීටියාගොඩ පොලිසියට පැමිණිලි කර තිබේ ..
වෙනම කාමරයක තබා ගණන් කොට තිබූ මුදල් මෙසේ සොරකම් කොට ඇතැයි පොලීසිය පවසයි. සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත...මෙලෙස සොරකම් කල මුදල ආසන්න වශයෙන් මෙම ගෝනි තුල රුපියල් ලක්ෂ 5ක මුදලක් තිබෙන්නට ඇති බව සැක කරයි.
පොලීසිය විශ්වාස කරන්නේ දේවාලයේ මුදල් තබා ඇති කාමරය පිළිබඳ හොඳින් දන්නා අයෙකු විසින් සොරකම සැළසුම් කරන්නට ඇති බවයි.
මෙහි පොලිස් මුරපොලක් ද පිහිටුවා තිබෙන නමුත් සොරකම සිදු වී දින එහි පොලිස් නිලධාරීන් සේවයේ යෙදී නොසිටි බවක්ද දැනගන්නට ඇත. සීනිගම දේවාලය ප්රසිද්ධියක් උසුලන්නේ සොරුන් සහ අපරාධකරුවන්ට දඩුවම් දීම සඳහා මිරිස් ඇඹරීමටයි




