Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

භාණ්‌ඩාගාරය සතු රත්‍රං කිලෝ 100ක්‌
ලක්‍ෂ 5000කට අරන් දෙන්නම් කියලා...

පැන්ෂන් ගිය ඒඑස්‌පී සහ ප්‍රසිද්ධ ක්‍රීඩකයකුගේ හිටපු බිරියක්..ඇතුළු 11ක් අත්අඩංගුවේ

රජයට මුදල් නැති නිසා මහා භාණ්‌ඩාගාරයට අයත් රුපියල් ලක්‍ෂ 5000 ක්‌ වටිනා රත්‍රං කිලෝග්‍රෑම් 100 ක්‌ විකිණීමට නියමිතව ඇති බවත්, අවශ්‍ය කෙනකුට එම රත්‍රං තොගය ලබාදිය හැකි බවත් කියමින් මහා මූල්‍ය වංචාවක්‌ කිරීමට උත්සාහ කළ 11 දෙනකුගේ කල්ලියක්‌ පොලිසියට කොටුවී ඇත.
මේ කල්ලිය කොටුවී ඇත්තේ පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසය මගින් කරන ලද වැටලීමකින් පසුවය..එම සංවිධානාත්මක කණ්‌ඩායම මෙහෙයවා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උප නායක රෝයි ඩයස් මහතාගේ බිරිය වන සඳමාලි තරංගා ඩයස් හා ශ්‍රී ලාල් ආනන්ද රාජ් රණසිංහ නමැති විශ්‍රාමික සහකාර පොලිස්‌ අධිකාරිවරයෙකි...

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හිටපු ක්‍රිකට්‌ ක්‍රීඩකයාගේ බිරිඳ, විශ්‍රාමික සහකාර පොලිස්‌ අධිකාරිවරයා සහ තවත් කාන්තාවක ඇතුළු 11 දෙනකු සිටින බව පොලිසිය පවසයි...බස්‌නාහිර උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මහතාට යුද හමුදා බුද්ධි අංශය ඔස්‌සේ ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී මෙම සංවිධානාත්මක කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

මෙම සැකකරුවන් 11 දෙනා කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත පෙරේදා (04 වැනිදා) ඉදිරිපත් කර ඇති අතර ඔවුන් අද (06 වැනිදා) තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

මහා භාණ්‌ඩාගාරයට අයත් රුපියල් ලක්‍ෂ 5000 ක්‌ වටිනා රත්‍රං කිලෝග්‍රෑම් 100 ක්‌ විකිණීමට ඇති බව කියමින් මහා මූල්‍ය වංචාවක්‌ කිරීමට මෙම සංවිධානාත්මක කණ්‌ඩායම සැලසුම් කරගෙන සිටින බවට මුලින්ම තොරතුරු ලැබී ඇත්තේ යුද හමුදා බුද්ධි අංශය වෙතටය.

මුදල් හිඟයක්‌ නිසා රජය හොර රහසේම මහා භාණ්‌ඩාගාරය සතු රත්‍රං අලෙවි කරන බවත් එම රත්‍රං ගනුදෙනුව නීත්‍යනුකූල එකක්‌ බවත් මෙම කණ්‌ඩායම කිසියම් පිරිසකට පවසා ඇත. මේ පිළිබඳව යුද හමුදා බුද්ධි අංශය මගින් බස්‌නාහිර උතුර නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මහතාට තොරතුරු ලබා දීමෙන් පසු පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක උපුල් සමරසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ මේ පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

ව්‍යාපාරිකයන් ලෙස වෙස්‌ වලාගත් පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ ව්‍යාජ ලෙස සකස්‌ කළ රුපියල් කෝටියක මුදලක්‌ ද රැගෙන කොළඹ තරු පහේ හෝටලයකට ගොස්‌ ඇත. එහිදී ගනුදෙනුව සඳහා පැමිණි කාන්තාවක මුණගැසුණු වෙස්‌වලාගත් පොලිස්‌ නිලධාරීන් රත්‍රංවලින් කොටසක්‌ මිලදී ගැනීම සඳහා ඇයට එම මුදල දී තිබේ.

රත්‍රං තොගය ගෙන එන තුරු එම මුදල් වෙනුවෙන් චෙක්‌ පතක්‌ ද ලබාදීමට එම කාන්තාව කටයුතු කර තිබේ. ගනුදෙනුව සිදුවන අවස්‌ථාවේ සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ තවත් පුද්ගලයන් තිදෙනකු ද එහි සිට ඇත.

වහාම ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් මෙම වංචාවට සම්බන්ධ කාන්තාව ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. හිටපු ක්‍රිකට්‌ උප නායකයාගේ බිරිඳ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ එම කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදීය.

ඉන් පසුව රත්‍රං ගැනුම්කරුවන් ලෙස හඳුන්වා දුන් පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ හිටපු ක්‍රිකට්‌ උප නායකයාගේ බිරිඳට කතා කර රත්‍රං ගනුදෙනුව පිළිබඳව විමසා ඇත. ඒ අවස්‌ථාවේ ඇය පවසා ඇත්තේ ගනුදෙනුව ගැන කතා කිරීමට මුදල් ද රැගෙන තම නිවසට පැමිණිය යුතු බවයි. එහෙත් උපක්‍රමශීලීව කටයුතු කළ පොලිස්‌ නිලධාරීන් ගනුදෙනුව ගැන කතා කිරීමට නිවසට පැමිණිය නොහැකි බවත් ඒ සඳහා හෝටලයකට පැමිණිය යුතු බවත් පවසා ඇත. පසුව ක්‍රිකට්‌ උපනායකයාගේ බිරිඳ ගනුදෙනුව සඳහා වෙනත් හෝටලයකට පැමිණ ඇති අතර වෙස්‌වලාගත් පොලිස්‌ නිලධාරීන් එම හෝටලය වෙත ගොස්‌ ඇයද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් 56 හැවිරිදි මේ කාන්තාවගේ සැමියා කලක්‌ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ දක්‍ෂ පිතිකරුවකු සහ උප නායකයා ලෙස ද කටයුතු කර ඇත. ඔහු මේ වන විට විදේශයක ක්‍රිකට්‌ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන අතර බිරිඳගේ මෙම ජාවාරමට ඔහුගේ කිසිම සම්බන්ධයක්‌ නොමැති බව අනාවරණය වී ඇත.

සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මෙම සංවිධානාත්මක කණ්‌ඩායමේ ප්‍රධානියකු ලෙස කටයුතු කළ විශ්‍රාමික සහකාර පොලිස්‌ අධිකාරිවරයකු ද අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසය සමත් වී ඇත. මෙම මහා ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිතය.

බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති උපුල් සමරසිංහ මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ පරීක්‍ෂක සුනිල් ප්‍රියන්ත, උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන හසන්, ජයරත්න, පියසිරි, සැරයන් (48856) චන්දන, කොස්‌තාපල්වරුන් වන (10740) ගුණරත්න, (48949) චන්දන, (18390) සිවිරත්න බණ්‌ඩා, (56810) නන්දලාල්, (36968)

විඡේසිංහ, (82907) තරිඳු, (495) කරුණාරත්න, කාන්තා කොස්‌තාපල් (8816) ජීවා යන මහත්ම මහත්මීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us