අස්ගිරි මල්වතු මහනාහිමිවරුන්ට ඉල්ලීමක්
මෙම මස 17,18 යන දෙදින තුල මහනුවර නගර මධ්යයේ පැවැත්වීමට නියමිත මෝටර් රථ ධාවන තරගය නැවැත්වීමට අවශ්ය පියවර ගන්නා ලෙස මහනුවර උරුමය සුරැකීමේ පදනම මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
එම ඉල්ලීම සඳහන් ලේඛණයක් පදනමේ සභාපති හිටපු පාර්ලිමේන්කු මන්ත්රී නිමල් පේ්රමවංශ මහතා ඇතුළු පිරිසක් විසින් ඊයේ දිනයේ මහනාහිමිවරුන් වෙත බාරදී තිබේ..
මෙම මෝටර් රථ ධාවන තරගය පැවැත්වීම තුළින් මහනුවර ආගමික පෞරාණික තත්ත්වයට හානී සිදුවන බව මහනුවර උරුමය සුරැකීමේ පදනමේ සභාපති නිමල් ප්රේමවංශ මහතා සඳහන් කළේය.
අදාළ තත්ත්වය පිළිබඳව අස්ගිරි මහනාහිමියන් හා ඒකාබද්ධව ලිපියක් ජනාධිපතිවරයා වෙත යැවීමට කටයුතු කරන බව මල්වතු මහනායක අතිපුජ්ය තිබ්බටුවාවේ ශ්රී සුමංගල හිමියන් ප්රකාශ කළ බව ද නිමල් ප්රේමවංශ මහතා පැවසීය.
මෙම ගැටලුවට විසඳුම් නොලැබුණහොත් අධිකරණයට ගොස් හෝ මහනුවර උරුමය රැකගැනීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.




