Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ඇඹිලිපිටිය, පනාමුර පොලීසියේ නිලධාරීන් දෙදෙනකුට පහරදීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා සභාපතිවරයා  අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු මෙ වන විට ඇඹිලිපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
ඊයේ රාත්‍රියේ පනාමුරේ දඩුහැතැප්ම ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් විසින් හිස්වැසුම්  රහිතව යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තිදෙනෙක් පරීක්ෂාවට ලක් කරනු ලැබ තිබේ.

පොලීසිය පැවසූවේ, යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයින් සතුව යතුරුපැදියක් ධාවනය කිරීමට අවශ්‍ය කිසිදු නීතිමය ලියවිල්ලක් නොතිබූ බවය.

ඒ හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වද්දී එම ස්ථානයට පැමිණි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන සභාපති එම්.කේ. අමිල මහතා එම නිලධාරීන්ට පහරදී ඇතැයි, පොලීසිය පැවසීය...කෙසේ වෙතත් අප කළ විමසීමකදී ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us