දුමින්ද සිල්වා රෝහල්ගතව සිටි කාලයේ ගත් ඡායාරූප පෙළක් මාධ්ය වෙත ඉදිරිපත් කරයි...
අපි කිවුවේ බොරු නෙවේ....දුමින්දගේ පවුලේ අය
භාරත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටිමින් නවලෝක රෝහලේ පසුවූ හිසට වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ බව කියූ මන්ත්රී දුමින්ද සිල්වා මහතා රෝහල්ගතව සිටියේ බොරුවට බවට පැතිර යන ආරංචි අසත්ය ඒවා බව ඔහුගේ පවුලේ උදවිය විසින් කියා සිටිනවා..
ඔවුන් විසින් දුමින්ද සිල්වා රෝගීව සිටි කාලයේ වරින්වර ලබාගත් බව කියන ඡායාරූප පෙළක් සමග රෝගී තත්වය පිළිබඳ දීර්ඝ විස්තරයක් ඊයේ මාධ්ය වෙත ඉදිරිපත් කර තිබේ...
ඔවුන් විසින් එලෙස ඊයේ මාධ්ය වෙත ඉදිරිපත් කල තිබු ඡායාරූපවල දැක්වෙන්නේ දුමින්ද සිල්වා මහතා පළමුව ජයවර්ධනපුර රෝහලේදී හා දෙවනුව සිංගප්පූරුවේ මවුන්ට් එළිසඛෙත් රෝහලේදී රෝගීව සිටි අවස්ථාවල ගත් ඡායාරූප කීපයකි...
කෙසේ වෙතත් ඔවුන් වැඩි දුරටත් පවසා සිටින්නේ දුමින්ද සිල්වාගේ රෝගී තත්වය බොරුවක් බවට ගෙන යන ප්රචාර දේශපාලනික උවමනාවන්ට සිදු කරන බවයි...
ඔවුන් මාධ්ය වෙත ඉදිරිපත් කල තිබු ඡායාරූප කිහිපයක් පහතින් නරබන්න
------------------------------------------------------------------
දුමින්දට ආශිර්වාද කළ ජනපති පියාට සාධාරණයක් කරාවිද ?
වැඩි දුරටත් හිරුණිකා අදහස් දක්වමින් කියා සිටියේ තමාට ජනාධිපතිවරයා මුණගැසීමට අදහසක් නොමැති බවයි...මෙයින් පෙනී යන්නේ මේ රටේ සියල්ල විධායක බලයට යටත් බවද ඇය කියා සිටියාය..
තමාට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම කතා කර ‘දුවේ මේක වැරදි ආදර්ශයක්’ යනුවෙන් කී බවද ඇය හෙළිකළාය...එසේ කතා කළ අයට තමාට උදවු කිරීමට ප්රායෝගිකව හැකියාවක් නොමැති බවද එසේ කළ හොත් ඒ අයට ආණ්ඩුවෙන් එළියට බහින්න සිදුවන බවට බියක් ඔවුන් තුළ ඇති බවද කීවාය.
සිය පියා සමග වැඩ කළ ගැමිණී රාජපක්ෂට ද අදාළ සිද්ධියේදී වෙඩි වැදුනු බවත් ඔහුත් වසර එකහමාරක කාලයක් ප්රතිකාර ලබමින් සිටින නමුදු ඔහුට දුමින්දට මෙන් නිසි ප්රතිකාරයක් නොලැබුණ බවද හිරුණිකා කියන්නීය.ඔහු වැලිකඩ සිරකර තිබූ බවත් පැවසූ හිරුණිකා එක නීතිය දෙවිදියකට කි්රයාත්මක වන්නේ මන්දැයි ප්රශ්නකර සිටියාය.




