Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

සක්විතිට ඇප - එත් බන්ධනාගාරයෙන් පිටව යනු බෑ!

තැන්පතුකරුවන් 3000ට අධික පිරිසකගෙන් රුපියල් කෝටි 105ට ආසන්න මුදලක් වංචා කළ බව කියන රක්ෂිත බන්ධනාගාරයේ සිටි චන්දන වීරකුමාර හෙවත් 'සක්විති රණසිංහ' නැමැත්තාට අද ඇප ලබාදී තිබේ.

ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී ඔහුට එසේ ඇප ලබාදුන් බව පැවසීය.

ඒ අනුව මහේස්ත‍්‍රාත් අජිත් එම්. මාසිංහ මහතා හමුවට සක්විති රණසිංහ නැමැත්තා ඉදිරිපත් කළ අවස්ථාවේදී රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50 බැගින් වන ශරීර ඇප 2ක් මත ඔහු නිදහස් කිරීමට විනිසුරුවරයා නියෝග කර තිබේ.
එසේම ඔහුට මසකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවටද විනිසුරුවරයා විසින් නියෝග කර ඇත.
කෙසේ වුවද තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් විත්තිකරුට සිරදඬුවම් නියම වී ඇති අතර නඩු කිහිපයක් විභාග වෙමින් ද පවතියි.

මේ හේතුවෙන් මූල්‍ය වංචා සම්බන්ධයෙන් ඇප හිමිවුවද, සක්විති රණසිංහ නැමැත්තාට බන්ධනාගාරයෙන් පිටව යා නොහැකි බව බන්ධනාගාර අධිකාරී ගාමීණී ජයසිංහ මහතා ප්‍රකාශ කළේය..සක්විති රණසිංහ සමග ඔහුගේ බිරිද ද රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර ඇය මීට පෙර ඇප මත මුදා හැරිණි.

කෙසේ වෙතත් අපට පසුගිය දිනවල අසන්නට දක්නට ලැබුනේ මහා පරිමාණයේ අපරාද කරන පුද්ගලයන්ට නීතියෙන් පොඩි හරි පිහිටක් ලැබෙන විට ඊයේ වාර්තා උනේ ඊට හාත්පසින්ම වෙනස් පුවතකි ඒ හෙරොයින් ග්‍රෑම් හතක් ළඟ තබාගත් තිදෙරු පියෙකු පෝරකේට නියමකළ පුවතකි...

ඒ වගේම පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් කහවත්තේ මිනීමැරුම් චෝදන ලැබ සිටි මන්ත‍්‍රී ධර්මසිරි සහ සනත් නන්දන දෙදෙනා එලෙසම නීතිපති උපදෙස් මත නිදහස් විය...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි විත්තිකරුවන් 13 දෙනා අතරින් එකොළොස්‌වැනි විත්තිකරු වන දුමින්ද සිල්වා මහතාද දැනට ඇප කොන්දේසි යටතේ මුදාහැර සිටි...

කෙසේ වෙතත් වැඩිකල් නොයා මොරටුව භික්ෂු ඝාතනයේ සැකකරුවෙකු වන උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතාද මෙලෙස නිදහස් වනු ඇත

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us