Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

අධ්‍යාපන චාරිකාවට ගිය බසය 
ප්‍රපාතයට පෙරැළී 4ක් මියයයි

පාසල් සිසුන් රැගත් බස් රථයක් නුවරඑළිය සීතාඑළිය ප‍්‍රදේශයේදී ප‍්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් සිවු දෙනෙකු  මියගොස් පාසල් සිසුන් 85 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අධ්‍යාපන චාරිකාවක් සඳහා නුවරඑළියට ගමන් කරමින් සිටි පාසල් සිසුන් රැගත් බස් රථයක් මෙලෙස ප‍්‍රපාතයකට පෙරළී ඇති බවයි.
මියගිය සිවු දෙනාගෙන් එක් අයෙකු බස් රථයේ රියැදුරු බවට හඳුනාගෙන තිබෙනවා. තුවාල ලැබූ සිසුන් ඇතුළත් කෙරුණේ නුවරඑළිය රෝහලටයි බරපතළ තත්ත්වයේ පසුවූ සිසුන් සිව්දෙනෙකු මහනුවර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

බදුල්ල නමුණුකුල දෙමළ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන්ගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්වුණා. රියැදුරාට බස් රථය පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් එය ප‍්‍රපාතයට පෙරළී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වුණේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us