
ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්යක්ෂ වෛද්ය කපිල වික්රමනායක මහතා සඳහන් කළේ ඇයගේ මොළය අභ්යන්තරයේ දරුණු ලෙස ලේ ගැලීමක් සිදුව ඇති බවය...
ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඊයේ පස්වරුවේ සහ රාත්රියේ සැත්කම් දෙකක් සිදුකළ බව ද ඔහු සඳහන් කළේ ය.
එලෙස ජීවිතක්ෂය පත්වූයේ කොළඹ විශ්වවිද්යාලයේ, විද්යා පීඨයේ පළමු වසරේ ඉගනුම ලබමින් සිටි ලූණුගම්වෙහෙර ප්රදේශයේ පදිංචි 23 හැවිරිදි ශිෂ්යාවකි.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්යාල කාර්ය මණ්ඩලයෙන් සහ සිසුන් පිරිසකගෙන් ප්රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය සඳහන් කළේ ය.
අධ්යයන කටයුතුවලින් ඇය ලැබූ වෙහෙස හා පීඩනය හේතුවෙන් ඈ දිවි නසා ගන්නට ගොස් තිබූ බව විමර්ෂණවලදී අනාවරණය විනැයි බොරැල්ල පොලිසිය කීය.ඇය මේ වසරේ මැයි මස කොළඹ සරසවියට ඇතුළත් වී තිබු‚.
මියගිය සිසුවියගේ පියා වන කලූදුර අමරසිරි ගුණවර්ධන (57) මහතා සාක්ෂි දෙමින් කියා සිටියේ..මියගිය තිළිණි ශෂිප්රභා දුව පවුලේ බාලයා. ඇයට වැඩිමහල් සහෝදරියක් ඉන්නවා. ඇයත් උපාධිය හදාරලා ගෙදර ඉන්නේ. බාල දුව මාස තුනයි කොළඹ විශ්වවිද්යාලයට ඇතුළත් වෙලා. එයා නැවතිලා හිටියේ නුගේගොඩ ප්රදේශයේ බෝඩිමක. ඇය එහි ඉතා සතුටින් හිටියා. ඇය සමඟ එම බෝඩිමේ තවත් ළමයි සිටිනවා. ඇය විශ්වවිද්යාලයට පැමිණෙන්නේ ඒ ළමයි සමඟ බස් එකේ. පසුගිය මාස තුන තුළ ඇය දෙවරක් නිවෙසට පැමිණියායි කීය. ගුණවර්ධන මහතා සාක්ෂි දෙමින් මෙසේ කීය.
මේ සිද්ධිය වුණේ පෙරේදා (17 දා) මට ආරංචි වුණේ එදා උදේ 10.00ට විතර. ඒ වෙලාවෙ මම හිටියේ මගේ කාර්යාලයේ. විශ්වවිද්යාලයේ මහත්මයෙක් මට දුරකතනයෙන් ඇමැතුමක් ලබාදීලා කිව්වා දුවට කරදරයක් කැම්පස් එකේ පඩිපෙළෙන් ලිස්සලා වැටිලා කවුරු හරි ඉක්මනට එන්න කියලා.
දුරකතන ඇමැතුම දීපු මහත්තයාගේ නම මට අහගන්න බැරි වුණා. ඉන් පසුව මමයි, මගේ බිරියයි ලොකු දුවයි එදා හවස පහට විතර කොළඹ ජාතික රෝහලට ආවා. ඒ එනකොට දුව දැඩි සත්කාර ඒකකයට දාලා තිබුණා. එහිදී දුවව බලන්න මම ගියේ නැහැ. මගේ බිරිය තමයි ගියේ. දුව හිටියේ දිගටම සිහිය නැතුව. ඊට පස්සේ ඊයේ (18 දා) පාන්දර 2.00ට පමණ ඇය මිය ගියා කියලා දැනගත්තා.
දුව බලන්න රෝහලට යන විටදී ඇයගේ යාළුවෝ රෝහලට ඇවිත් හිටියා. ඒ අය මට කිව්වා දුව ලිස්සලා
වැටුණා කියලා. එච්චර ලොකුවට මුකුත් කිව්වේ නැහැ. වැඩි විස්තර අපිට කවුරුත් කිව්වේ නැහැ. මේ ගැන කිසිම විස්තරයක් අපි දන්නේ නැහැ. යැයි මියගිය තිළිණි ශෂිප්රභා සිසුවියගේ පියා කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රොෆ් රූමි මහතා ඉදිරියේ සාක්ෂි දෙමින් කීවේය.
මියගිය අය තට්ටු පහක ගොඩනැඟිල්ලක සිට වැටී ඇති අතර එම පස්වැනි තට්ටුවේ අඩි තුනක තාප්පයක් අයිනේ මේසයක් තිබුණ බවත් එතැන සිට ඇය වැටී තිඛෙන බවත් පොලිසිය ප්රකාශ කළේය. පොලිසිය වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ මරණකාරිය වැටුණාද පැන්නාද කියා නොදන්නා බැවින් පරීක්ෂණ පවත්වන බවත් දැනටමත් කිසිම සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බවත්ය.
මේ පිළිබඳ පරීක්ෂණ පවත්වා සාක්ෂි තිබේ නම් ජුනි 25 වැනි දිනට සාක්ෂි ඉදිරිපත් කරන ලෙස කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රොෆ් රූමි මහතා පොලිසියට නියෝග කළේය. එමෙන්ම මෙම ස්ථානය පන්ති ශාලා ගොඩනැඟිල්ලක් තිඛෙන ස්ථානයක් බව පොලිසිය කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක උසාවියට දැන්වීය.
කෙසේ වෙතත් ජුනි 25 වැනි දිනට එම ස්ථානයෙහි ආරක්ෂාවට යොදවා සිට ඇති ආරක්ෂක නිලධාරියෙක් ඉදිරිපත් කරන ලෙසද කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රොෆ් රූමි මහතා පොලිසියට නියෝග කළේය.
මියගිය තිළිණි ශෂිප්රභා සිසුවියගේ මරණ පරීක්ෂණය සඳහා සාක්ෂි ඉදිරිපත් කිරීමට ඇයගේ පියා සහ කුරුඳුවත්ත පොලිසිය පමණක් පැමිණ සිටි අතර විශ්වවිද්යාලයේ වගකිවයුතු කිසිදු බලධාරියකු සාක්ෂි දීමට පැමිණ සිටියේ නැත.




