
රෝහල් බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් වම් අත කපා ඉවත් කළ නීති ශිෂ්‍යාවක වූ අචලා ප්‍රියදර්ශනීට (23) කෘත්‍රිම අතක් සවි කිරීම සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 47ක මුදලක් ලබා දී ඇති බව අචලා ප්‍රියදර්ශනී ඊයේ (4) ප්‍රකාශ කළාය.
කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ නීති ශිෂ්‍යාවක වන අචලා මෙවර විභාගයට පෙනී සිටින අතර එය ජුලි 08 සිට 20 වනදා දක්වා පැවැත්වෙන බවත් ඉන් පසුව තම කෘත්‍රිම අත සවිකිරීම සඳහා ජර්මනිය බලා පිටත්වන බවත් පැවසුවාය.
'' මට කෘතිම අත සපයන්නේ ජර්මනියේ OTTO BOCK සමාගමෙන්. ඒ සඳහා මට ජර්මනියට යන්න වෙනවා. අත සවි කරන්න පෙර මට පුහුණු පාඨමාලාවකට සහභාගි වෙන්න සිදු වෙනවා.
ඒ නිසා මම යුද හමුදාවේ පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළා අවසන් වසරේ විභාගයෙන් පසු ජර්මනියට යන්න කටයුතු පිළියෙල කර දෙන්න කියලා.
විභාගය ආරම්භ වන්නේ ජූලි 08 වැනිදා. අවසන් වන්නේ ජූලි 20 වැනිදා. මගේ අත අහිමි වුණාට මගේ හිත වැටෙන්න නොදී මාව රැක බලා ගත්ත, මට ධෛර්‍ය ලබා දුන්න නීති පීඨයේ සහෝදර සිසු සිසුවියන් සහ රටේ සියලුම මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍යවේදීන්ට මේ මොහොතේ මම කෘතඥතාව පුද කරනවා.
පසුගිය මැයි මස 28 වැනිදා කම්කරු නීති පැවරුම පිළිබඳ ලියන පරීක්ෂයක් තිබුණා. එහිදී මට නීති පීඨය විසින් යතුරු ලේඛිකාවක් ලබා දුන්නා. විභාගයේ දී මම කියපුවා ඇය යතුරුලියනය කළා. ඒ පහසුකම් ඉදිරියේ පැවැත්වෙන අවසන් වසරේ පිළිතුරු ලියන්නත් ලබා දෙන්නට නීති පීඨය තීරණය කර තිබෙනවා. ඒ වෙනුවෙන් ද මාගේ කෘතඥතාව පිළිගන්වන්න සතුටුයි.
මට කවුරුන්වත් තරහ කර ගන්න අවශ්‍ය නැහැ. ඒත් මගේ අතට සිදු වූ විපත සම්බන්ධයෙන් සොයා බලා පරීක්ෂණ පවත්වන්න විවිධ අංශ ඉදිරිපත් වුණා. ඒ පරීක්ෂණවලට සිදුවුණේ මොකක්ද කියලා මා ඇතුළු කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒක විශාල අඩුපාඩුවක්.'' අචලා ප්‍රියදර්ශනී පැවසුවාය.