
දරු ප‍්‍රසූතිය සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කෙරෙන ඇතැම් මව්වරුන්ට හොර රහසේ වඳ සැත්කම් සිදුකිරීමේ කුමන්ත‍්‍රණයක් පවතින බව මධ්‍යම පළාත් සභාවේ ජාතික හෙළ උරුමයේ මන්ත‍්‍රී තුෂාර ස්වර්ණතිලක මහතා පවසයි.
සිංහල බෞද්ධ මව්වරුන් ඉලක්ක කරගනිමින්, රෝහලේ පුහුණුව ලබන සීමාවාසික වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් මෙම කුමන්ත‍්‍රණය සිදුකරන බව ඒ මහතා පැවසිය.
මව්වරු මෙසේ වඳ සැත්කම්වලට යොමු කිරීම සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරුන්ට විරෝධය දක්වා ජාතික හෙළ උරුමයේ නියෝජිත පිරිසක් රෝහල ඉදිරිපිට ඊයේ (5දා) උද්ඝෝෂණයක ද නිරත වූහ.
සිසේරියන් සැත්කමට ලක්කරන අතරතුර ගැබිනි මව්වරුන්ගේ කිසිදු අනුමැතියකින් තොරව ඔවුනට වඳ සැත්කම් (LRT) කිරීමට නිර්දේශ කරන බවට වූ එම චෝදනාව සම්බන්ධයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් සහ ඇයගේ සහායක ලෙස කටයුතු කළ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
අදාළ වෛද්‍යවරිය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සුතිකාගාරයේදී ප්‍රසූතිවේදනාවෙන් පසු වූ මවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කළ කරුණු විමසීමකදී මේ වෛද්‍යවරිය වඳ සැත්කම් සඳහා මව්වරුන් යොමු කිරීමේ කුමන්ත්‍රණයේ සුලමුල හෙළි වී ඇතැයි මන්ත‍්‍රී තුෂාර ස්වර්ණතිලක මහතා සඳහන් කළේය.
මේ වෛද්‍යවරිය පේරාදෙණිය රෝහලේ සේවයට පැමිණ මාස හයක් පමණ ගත වී තිබෙන අතර එම කාලය තුළ ඇය ගැබිනි මව්වරුන් දස දෙනෙකු පමණ ඔවුන්ගේ කැමැත්ත නොවිමසා වඳ සැත්කම්වලට නිර්දේශ කර තිබෙන බව මේ වන විට හෙළිදරව් වී තිබෙන බවද ඔහු පැවසිය.
මේ පිළිබඳ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සී. ගුණතිලක මහත්මියගෙන් විමසීමක් කළ අවස්ථාවේ ඇය පවසා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් සිදු කරන බවයි.