Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

'සී'වාට්ටුවේ ලක්ෂ 10ක කුඩු...

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ පෙරේදා (05) කළ හදිසි වැටලීමකින් රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා හෙරොයින් අත්අඩංගුවට ගෙන ඇත.

බන්ධනාගාරයේ “සී” වාට්ටුවේ රැඳවියන් ළඟ තිබි මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනුණු බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.

“සී” වාට්ටුවේ රැඳවියන් ළඟ තිබි ජංගම දුරකථන 28ක්, සිම්කාඩ් 15ක් හා ලයිටර විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර සී වාට්ටුවේ රැඳවියන් ළඟ තිබි ජංගම දුරකථන 15ක් දුරකථන චාජර් 07ක් හා සිම්කාඩ් පත් 08ක් අත්අඩංගුවට ගෙන ඇත.
එසේම බන්ධනාගාර රැඳවූවෙක් සිම්කාඩ් පත් සමාගමක් විසින් හඳුන්වා දී තිබෙන ඊසි කෑෂ් ක්‍රමය යටතේ රුපියල් දෙලක්ෂ පනස් දෙදහසක මුදලක් ගනුදෙනුකර ඇතිබවද අනාවරණය වී ඇත.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රරත්න පල්‍ලේගම මහතාගේ නියෝගයකට අනුව මෙම වැටලීම කර ඇත. කොළඹ බන්ධනාගාරවල තදබදය අඩු කිරීමටත් ඒවායේ තිබෙන මත් ජාවාරම් නැති කිරීමටත් මෙවැනි පරීක්ෂා කිරීම් මගින් රැඳවූවන් මාරු කිරීමටත් පියවර ගන්නා ලෙස පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා උපදෙස් දී ඇත.


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us