Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - කුඩා දැරියන් දෙදෙනකු රවටා දම්පේ කැලෑවකට රැගෙන ගොස්‌ ඔවුන් නිරුවත් කර ජංගම දුරකථනයෙන් ඡායාරූප ගනිමින් සිටි පුද්ගලයකු ඊයේ (18 වැනිදා) දහවල් යතුරුපැදියත් සමඟ අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

පිළියන්දල දම්පේ ඉදිකරමින් පවතින හෝටලයක්‌ පිටුපස නාඳුනන පුද්ගලයකු දැරියන් දෙදෙනකුගේ නිරුවත් ඡායාරූප ලබා ගන්නා බවට පොලිස්‌ හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක්‌ මත පොලිස්‌ කණ්‌ඩායමක්‌ එම කැලෑව වටලන විට සැකකරුද අඩ නිරුවතින් සිටි බව පොලිසිය කියයි.

සැකකරු ආයතන ශුද්ධ පවිත්‍ර කරන ප්‍රසිද්ධ ආයතනයක උප කොන්ත්‍රාත්කරුවකු බව පවසන පොලිසිය හැඩිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්‌ කලකට පෙර සැකකරු යටතේ සේවය කර ඇතැයි කියයි.

ඒ දැන හඳුනා ගැනීම මත සැකකරු ඊයේ (18 වැනිදා) එම කාන්තාවගේ නිවසට ගොස්‌ මඳ වේලාවක්‌ රැඳී සිට ඇයගේ නව හැවිරිදි දියණිය හා පොත් පාඩම් කිරීම සඳහා එම නිවසට පැමිණ සිටි යාබද නිවසේ දස හැවිරිදි දැරියට රස කැවිලි අරගෙන දෙන බව පවසා රවටා යතුරුපැදියේ නංවාගෙන මෙම කැලෑවට රැගෙන විත් ඇතැයි එම දැරියන් පොලිසියට කළ ප්‍රකාශවල සඳහන්ය.

කිලෝමීටර් දෙකක්‌ පමණ දුර ප්‍රමාණයක්‌ යතුරුපැදියේ නංවාගෙන දැරියන් දෙදෙනා කැලෑවට ගෙන ආ සැකකරු දැරියන්ගේ විවිධ ඉරියව් දැක්‌වෙන නිරුවත් ඡායාරූප දහයකට අධික ප්‍රමාණයක්‌ ලබා ගෙන ඇත.

සැකකරු ද නිරුවත් වී දැරියන් ලවා සිය අඟපසඟ ස්‌පර්ශ කරන ආකාරයේ ඡායාරූප රාශියක්‌ ලබාගෙන ඇති බව ජංගම දුරකථනය පරික්‍ෂා කිරීමේදී දක්‌නට තිබූ බව පොලිසිය කියයි.

සැකකරුගේ ජංගම දුරකථනයේ ඡායාරූප තවදුරටත් පරික්‍ෂා කිරීමේදී කාන්තාවන්ගේ විවිධ නිරුවත් ඡායාරූප රාශියක්‌ ද තිබූ බව පොලිසිය පවසයි. සැකකරු පිළියන්දල හැඩිගම පදිංචි දෙදරු පියෙකි. දැරියන් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us