Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

Updated පැපරාසි නිවුස් ලංකා - මෙරට කලක් ජනප්‍රියව සිටි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිලියක් වන ඇන්ජෙලා සෙනෙවිරත්න නමින් ඉන්දියාවේ නව දිල්ලියේ සිට මධ්‍යම තැපෑලට ලද හෂීස් පාර්සලය රැගෙන යාමට පැමිණි විදේශිකයෙකු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය අංශය විසින් පෙරේදා (18) කොටු කර ගැනීමට සමත් වී තිබෙනවා.

කොටු වූ බ්‍රිතාන්‍ය ජාතික තරුණයා මෙරට රැඳීසිට ඇත්තේ මෙරට පිහිටි බටහිර තානාපති කාර්යාලයක සේවය කරන විජාතික කාන්තාවකගේ කොල්ලුපිටියේ පිහිටි නිවසක බව පරීක්ෂණවලින් හෙළිවී ඇත.

නිවසේ හිමිකරු ඇන්ජෙලා සෙනෙවිරත්න බවත් තානාපති කාර්යාලයේ සේවය කරන විදෙස් කාන්තාව එම නිවස කුළියට ගෙන ඇගේ සැමියා සමග පදිංචිව සිටින බවත් සඳහන්ය.
ශ්‍රී ලාංකික වන ඇගේ සැමියා මේ දිනවල විදෙස් ගතව සිටී.

ඇගේ මිතුරන් දෙදෙනක් වන බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවේ සංචාරයකට ඉකුත් 04 වෙනිදා මෙරටට පැමිණ නතරවී සිට ඇත්තේ එම නිවසේය.

අවුරුදු 25ත් 20ත් අතර වයස්වල පසුවන එම බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා පෙරේදා (18) සවස මධ්‍යම තැපෑලට ගොස් තැපෑලට ලද පාර්සල් තුනක් මුදාගැනීමට ගිය අවස්ථාවේදී අහඹු ලෙස එම පාර්සල් රේගු පරීක්ෂාවට ලක්වී මෙම හෂීස් තොගය හමුවී තිබේ.

එම පාර්සල් තුන ලැබි ඇත්තේ ඇන්ජෙල සෙනෙවිරත්න සතු කොල්ලුපිටියේ නිවසේ ලිපිනයටය. ඒ බව තැපෑල අදාළ ලිපිනයට ලිපියක් මගින් දැනුම්දීමෙන් පසු එම දැනුම්දීමේ ලිපියද රැගෙන පාර්සල් තුන තැපෑලෙන් නිදහස් කර ගැනීමට පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනාය.

එම පාර්සල් තුන බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ලබාදීමේ බලය පැවරීමේ ලිපියක්ද ඔවුන් දෙදෙනා රැගෙනවිත් ඇති බවත් එම ලිපිය නිළිය විසින් ලියා ඇති ආකාරයේ එකක් බවත් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය අංශය පවසයි.

අදාළ පාර්සල් තුන පරීක්ෂා කිරීමේදී පාර්සල්වල විදෙස් සඟරාවක්, හඳුන්කූරු පෙට්ටියක් සහ කෘත්‍රිම ස්වර්ණාභාරණ කිහිපයක් තිබුණු බවත්, ඒ පාර්සල් තුනේ වූ සඟරාවල පිටු කපා සකස් කළ කුටි තුළ හෂීස් සඟවා තිබුණු බවත් රේගු නිලධාරීන් පවසයි.

එසේ පරික්ෂා කිරීමේදී එක් බ්‍රිතාන්‍යය ජාතිකයෙකු පැනගොස් ඇති අතර දැඩි පරිශ්‍රමයක් දරා අනෙක් බ්‍රිතාන්‍ය ජාතිකයා අල්ල ගැනීමට හැකිවී ඇත.පොලසි අත්අඩංගුවට පත්වූ ඔහු පවසන්නේ මෙවැන්නක්.

    "මගේ නම පෝල්.මම බ්‍රිතාන්‍යය ජාතිකයෙක්.මම පදිංචි වෙලා හිටියේ කොල්ලුපිටියේ හඩ්සන් පාරේ අංක 03 ගෙදර.ඒ ගෙදර තැපැල් පීට්ටියේ ලියුමක් තිබුනා.කලා බැලුවම ලියුමේ තිබුනා පාර්සලයක් තියෙනවා ගන්න එන්න කියල.මම ලියුමේ තිබුන විදියට එතනට ගිහින් පාර්සලය ගත්තා.එතැනදී තමයි දැනගත්තේ එක ඇතුලේ හෂිස් තියෙනවා කියල"

පැකට් අටක අසුරා තිබුණු එම හෂීස්වල බර ප්‍රමාණය ග්රෑම් 366 ක් වන අතර වටිනාකම රුපියල් 75,000ක් පමණ වන බව වැටලීමට නායකත්වය දුන් රේගු අධිකාරී නිහාල් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

කෙසේනමුත් මේවනවිට එම සැකකාර නිළිය අතුරුදන්ව සිටින අත්තර පොලිසිය යට මෙම සිද්දිය දැනුම්දුන් අවස්ථාවේ මෙම කිසිවක් නොදන්නා බව පවසා ඇත.නිල නොවන රෙගු ආරංචිමාර්ග පවසා ඇත්තේ මෙම නිළියගේ නමින් මෙයට පෙර විදේශීය පාර්සල් රැසක් ලැබී ඇතත් ඇය ජාත්‍යන්තර මත්ද්‍රව්‍යය වෙළඳාමේ ශ්‍රී ලංකා නියෝජිතවරිය ලෙස කටයුතු කර ඇති බවටද සාක්ෂි ලැබෙමින් පවතින බවයි.


පැපරාසි නිවුස් ලංකාජනප්‍රිය නිළියට තැපෑලෙන් ආ හෂීස් පාර්සලය ගන්නට ආ සුද්දා පැන යද්දී මාට්ටු....කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පාර්සල් භාරදෙන ස්ථානයට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ආ සගරා පාර්සලයක සගරා පිටු අතර සගවා හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් තිබීම නිසා ජනප්‍රිය නිළියක් සැකයට භාජනයවී තිඛෙනවා...

මෙම පාර්සලය නිළියගේ නමට තැපැල් කර එවා තිබුණ අතර එය භාරගැනීමට නිළියගේ නමින් ලිපියක් ලියාගෙන ඇය වෙනුවෙන් සුදු ජාතිකයෙකු පැමිණ තිඛෙනවා....
මේ පාර්සලය ගැන රේගු නිලධාරීන්ට සැකයක් තිබුණ බැවින් සුදු ජාතිකයාට එය ඔවුන් ඉදිරියේ දිගහැර පෙන්වීමෙන් පසු රැගෙන යන ලෙස උපදෙස් දී තිඛෙන අතර ඔහු ඒවා දිග හරිද්දී සගරා තුනක ඇතුළු පිටුවල අගල් දෙකක පමණ හතරැස් කොටු කපා එම කොටස් ඉවත් කර හෂීස් පැකැට්ටු ඒ තුළ බහා තිඛෙන අයුරු පෙනී ගොස් තිඛෙනවා.

මෙය අතටම හසුවීම නිසා සුදු ජාතිකයා එතැනින් දුවගොස් පළා යන්නට උත්සාහ කළ නමුත් රේගු නිලධාරීන් වහා ක්‍රියාත්මකවී ඔහුව අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

සගරා සහිත පාර්සල් තුනක් එවන මුවාවෙන් මේ මත්ද්‍රව්‍ය තොගය එවා තිබුණ අතර මේ මත්ද්‍රව්‍ය බහා තිබූ සගරාවක් පිටු 150කින් පමණ සමන්විත වුණා.

මෙම පාර්සල මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත බාරදීමෙන් පසු එම පාර්සල් හෂීස් බවට තහවුරු වුණා.

අත්අඩංගුවට ගනු ලැබූ විදේශිකයාගෙන් ප්‍රශ්න කිරීම කරගෙන යන අතර
ප්‍රසිද්ධ නිළියගේ නමින්ම මේවා එවා ඇත්තේ ඇයව අපහසුතාවයට පත්කිරීමට හෝ ඇගේ නමින් ප්‍රයෝජනයක් ගන්නට විය නොහැකි බවත් මේ ආකාරයට මත්ද්‍රව්‍ය ගෙන්වීමේ කටයුත්ත දිගු කාලයක සිට ඇයද සම්බන්ධවී කරගෙන යන්නට ඇති බවත් පොලිසිය සැක කරනවා.

මේ ප්‍රසිද්ධ නිළිය කවුරුන්ද?
නිල නොවන ආරංචි වලින් අපට වාර්තා වන්නේ සැකකාරිය මින් කලකට ඉහත චිත්‍රපට ගණනාවක රගපෑ ජනප්‍රිය නිළියක වන ඇන්ජලා සෙනෙවිරත්න බවය.

ලියුම් කවරයේ නම සඳහන්වූ මෙකී ජනප්‍රිය නිළි සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සඳහන් කර තිඛෙනවා.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us