පැපරාසි නිවුස් ලංකා - හිස් කබලේ කොටසකුත් නෑ....-දුමින්දගේ පියා දැනුම් දෙයි
දුමින්ද සිල්වාගේ තත්වය සොයා බලා ඔහු අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නිකුත් කළ නියෝගය අනුව රහස් පොලිසිය ඔහු ගැන විස්තර සෙවූ බවත් ඔහු අත්අඩංගුවට ගන්නට තරම් තවම සුවඅතට හැරී නැති බවත් අද උදෑසන පැවති නඩු විභාගයේදී රහස් පොලිස් නිලධාරීන් අධිකරණය
දැනුවත් කළා.
දුමින්දගේ පියා වන වින්සන්ට් ප්‍රේමලාල් සිල්වා සඳහන් කරන පරිදි සිංගප්පූරුවේ මවුන්ට් එළිසඛෙත් රෝහලේ තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා ශල්‍යකර්ම කිහිපයකට භාජනය කර ඇති බවත් ඒවායේදී ඔහුගේ හිස්කබලේ කොටසක් ඉවත් කර තිඛෙන බවත් සඳහන් කළ අතර මෙම අප්‍රේල් මාසයේ තවත් ශල්‍යකර්මයක් කරන්නට නියමිත බවත් දන්වා තිඛෙනවා.
ඔහු තවමත් කිසිවක් කරගන්නට අපහසු අවසිහියකින් පසුවන බවද ඔහු කියා තිබුණා.
මේ නිසා දුමින්ද සිල්වා තවම අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් ශානි අබේසේකර මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා.
එසේම ඔහුව ඉදිරියට අත්අඩංගුවට ගන්නේ නම් අධිකරණ නියෝගයක් නැතිවම තම දෙපාර්තමේන්තුව ඒ වෙනුවෙන් කටයුතු කරන බවද දන්වා සිටියා.
මින් ඉහත දුමින්ද සිල්වාගේ ඇත්ත තත්වය ප්‍රකාශ කරන්නැයි අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා කර තිබූ ඉල්ලීම අනුව නඩු විභාග පැවති දිනයේදී රහස් පොලිස් නිලධාරීන් අධිකරණය මගහැර තිබුණ අතර පසුව ඒ පිළිබඳ දෙපාර්තමේන්තුවේ විනය ක්‍රියාමාර්ග ගත් බවද වාර්තා වුණා.
එම සිදුවීමෙන් පසු මේ සම්බන්ධව නඩුව කැඳවනු ලැබූයේ අදය. ඒ අනුව දුමින්දගේ තත්වය ඔහුගේ පියාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් රහස් පොලිස් නිලධාරීන් ප්‍රකාශ කළ නමුත් ඒ සම්බන්ධ වෛද්‍ය වාර්තාවක් හෝ රෝහල් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් වූයේ නැත.
නඩු විභාගය ලබන 27 වනදාට යළි කල් ගියේය.