Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - හිරුනිකා පාරට බසින බව කියයි භාරත වෙඩි වැදී වැටුණ ඡායාරූපද පෙන්වයි...

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සහ තවත් සිව් දෙනෙක් ඝාතනය කිරීමට අදාල නඩුව අද දින විභාග වීමට නියමිතව තිබුනා. මෙහි ප්‍රධාන සැකකරු වන්නේ
ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක දුමින්ද සිල්වා යි.

ඔහු ද ඉතා බරපතල අබාධිත තත්වයෙන් පසුවන බැවින් ප්‍රතිකාර සඳහා මේ වනවිට සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ඇතුල් කර තිබෙනවා. තවමත් ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් නැති බවත් නැවතත් සැත්කමකට යොමු කිරීමට නියමිතව ඇති බවත් ඔහුගේ පියා වන ප්‍රේමලාල් සිල්වා මහතා කට උත්තරයක් දෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ නිසාම ඔහුට උසාවියේ පෙනී සිටීමට තරම් සුදුසු තත්වයකින් නොමැති බවත් දුමින්ද සිල්වා ගේ පියා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව මෙම කට උත්තරය ලබාගෙන තිබෙන්නේ පසුගිය 30 වන දිනයි.

මෙම පරීක්ෂණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුමින්ද සිල්වා ට පක්ෂපාතී වී ඇති බව පවසන ප්‍රේමචන්ද්‍ර මහතාගේ නීතීඥවරුන් ඉල්ලා ඇත්තේ දුමින්ද සිල්වා ව අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පොල් හෙවත් ජාත්‍යන්තර පොලීසියට වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි.

නමුත් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇත්තේ ජාත්‍යන්තර පොලීසියට වරෙන්තුවක් නිකුත් කිරීමට නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් ඉල්ලීමක් කළ යුතු බවයි.

එසේම මෙරට ආරක්ෂක අංශ විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට නම් වරෙන්තුවක් අවශ්‍ය නැති බව පොලීසිය පවසා තිබෙනවා. එවැනි වරෙන්තුවක් නිකුත් කිරීම අත්‍යාවශ්‍ය නොවන බව අතිරේක මහේස්ත්‍රාත් වරයා ද ප්‍රකාශ කර ඇති අතර තම නියෝග පිළිබඳව යම් ගැටළුවක් ඇති අයෙකුට ඉහල අධිකරණයක් වෙත යොමු කළ හැකි බව ද අතිරේක මහේස්ත්‍රාත්වරයා පවසා තිබෙනවා.

මීට පෙර පැවැත් වූ නඩු වාරයට පොලීසිය නොපැමිණි අතර පොලීසියට නොතීසි නිකුත් කල බවත් වාර්තා උනා. භාරත ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතන නඩුව ලබන මස 17 වන දිනට තබා ඇත.

නඩු විභාගයෙන් අනතුරුව අදහස් දැක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය

    "ඡායාරූපවල ඉන්නේ මගේ තාත්තා පාරේ වැටී මිය ගොස් සිටි ආකාරය..මේ වගේ දුකක් කිසිම දුවකට අත්නොවිය යුතුයි. දැන් මාස 6 ක් තිස්සේ නිලධාරීන් මේ සම්බන්ධ ප‍්‍රධාන සැකකරුව කොටු කර නොදී මගහරිමින් සිටිනවා.


    මේ නිලධාරීන් මං ඉන්න තැන හිටිය නම් තේරෙයි මේක මොන තරම් අසාධාරණයක්ද කියන එක..මරණය කාටත් පොදුයි..එත් මේ වගේ ජීවිත උදුරගන්න කාටවත් අයිතියක් නෑ..අද රටම බලන් ඉන්නෙ මේකට සාධාරණයක් ඉටුවෙනකං…එහෙම නැතිවුණොත් මේ ඔක්කොම කට්ටිය මා එක්ක ඒවි..එහෙම නැත්නම් අපි පාරට බහිනව.."


මේ සම්බන්ධ ඩේලිමිරර් වීඩියෝව බලන්න

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us