Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

94 වසරේ සිට අවුරුදු 16ක් තිස්සේ විපක්ෂයේ සිටින රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන්, විපක්ෂය වෙනුවෙන් කර ඇත්තේ කුමක්දැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා තම මංගල පාර්ලිමේන්තු කතාව පවත්වමින් විමසා සිටියේය.

තමා පාර්ලිමේන්තුවේ නිහඬව සිටින බවට විපක්ෂනායකවරයා පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් (19) අය වැය කාරක සභා විවාදය අතරතුර ටිරාන් අලස් මහතා මේ බව පැවසුවේය.
ඒ අනුව පාර්ලිමේන්තුවේ නිහඬව සිට ගිනස් වාර්තා තබා ඇත්තේ තමා නොව මැතිවරණ ගණනාවක් පරාජයට පත්වු විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා යැයි ටිරාන් අලස් මහතා සදහන් කළේය.

අය වැයෙන් විපක්ෂනායකවරයා‍ වෙනුවෙන් වැඩි වැය ශීර්ෂයක් වෙන්කර ඇති බවත් එය මේ ‍‍රටේ ජනතාවගේ බදු මුදල් බවත් අලස් මහතා පැවසුවේය.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා ඊට පිළිතුරු වශයෙන් කියා සිටියේ, විපක්ෂනායකවරයා ලෙස විපක්ෂය වෙනුවෙන් කළ හැකි උපරිමය තමා කර ඇති බවත් අවුරුදු 3ක් තිස්සේ පාර්ලිමේන්තුවේ කතා නොකර සිටි මන්ත්‍රීවරයෙකු අද කතා කරවු බවත්ය.

රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනෙක ප්‍රකාශක කර සිටියේ ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී වචනයවක්වත් කතා කර නැති බවයි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us