මේ දිනවල තිරගත වන ප‍්‍රසන්න ජයකොඩිගේ කර්ම චිත‍්‍රපටය හරහා ජනපි‍්‍රය වී සිටින මිෂෙල් හර්ෆ්ට් මීට පසු තමා යළි සිනමාවට නොඑන බව සති අන්ත පුවත්පතකට පවසා ඇත.
වෘත්තියෙන් ඉංගී‍්‍රසි සාහිත්‍ය ගුරුවරියක් වන මිෂෙල්ගේ සැමියා නීතීඥවරයෙකි.
'කර්ම' ඇයට කරුමයක් නොවූවාය.ඇගේ පිනට ඇය අමන්දා වූවාය.එබැවින් සියල්ලන් කර්ම තරමටම අමන්දා ගැනත් කතා කරන්නේය. අමන්දා ගැන විමසන්නටත් වඩා අමන්දා වූ මිෂෙල් හර්ෆ්ට් නම් අනාගත තරැ ලකුණ ගැන විමසන්නට අපි ඇය හමුවුණෙමු.
අමන්දාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මම හිතුවාට වඩා හොඟ ප්‍රතිචාර ලැබෙනවා.
ඒ කියන්නේ මුලදී ප්‍රතිචාර ගැන දෙගිඩියාවකින්ද හිටියේ?
ඔව්. ලංකාවේ සිංහල සිනමා ප්‍රේක්ෂකයෝ කර්ම වගේම මගේ චරිතයත් කොහොම වැලඳ ගීද කියන දෙගිඩියාව හිතේ තිබුණා. ලැබෙන ප්‍රතිචාරත් එක්ක දැන්නම් සුබදායී පැත්ත වැඩිය.
අසුබදායී ප්‍රතිචාරත් ලැබෙනවාද?
ඒක එක එක්කෙනාගේ බුද්ධි මට්ටම වෙනස්. එක එක්කෙනා හිතන පත විදිහත් වෙනස්. මගේ මූණට නම් කවුරුත් මුකුත් කියලා නැහැ. ඒත් අන්තර්ජාලෙ විවිධ අදහස් ලියලා තියනවා මං දැක්කා.
කර්ම චිත්‍රපටයේ අමන්දා වැනි චරිතයක් නිරූපණය කිරීමට ඔබ ගත් තීරණය ගැන අද මොකද හිතෙන්නේ?
සතුටක් මිස පසුතැවීමක් නැහැ. ප්‍රසන්න ජයකොඩි කියන්නේ දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීම සතුටක්.
කර්ම චිත්‍රපටයේ සමහර දර්ශන රූගත කරන්න ඔබ අකමැති වුණා කියන්නේ ඇත්තද?
ඔව්. අමන්දා කියන්නේ පියයුරු පිළිකාවකින් පෙළෙන යුවතියක්නේ. චරිතයට අවශ්‍ය වුණත් මම පියයුරු පෙන්නන්න කැමති වුණේ නැහැ. ඒත් ප්‍රසන්න තාක්ෂණික ප්‍රයෝග භාවිතා කරලා ඒ අභීයෝගය ජයගත්තා.
මිෂෙල් නිළියක් වෙන්න හිතුවේ ඇයි?
ඇත්තටම මට එහෙම සිතුවිල්ලක් තිබුණෙම නැහැ. විශෞෂයෙන් සිංහල චිත්‍රපටයක රඟපායි කියලා හිතුණෙම නැහැ.
නමුත් ඔබ ඉංග්‍රීසි වේදිකාවට අමුත්තියක් නෙවෙයිනේ?
ඔව්. මම කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. ඊට පස්සෙත් වේදිකා නාට්‍ය වල රගපෑවා. ඒක මම කලේ විනෝදාංශයක් විදිහට.
ප්‍රසන්න ජයකොඩි හමුවුණේ කොහොමද?
මම ප්‍රසන්නගේ Sky ආයතනයෙන් නිර්මාණය කරපු වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටියා. එතැනදී තමයි ප්‍රසන්න හඳුනා ගත්තේ.
චිත්‍රපටයකට ආරාධනා කළාම මොකද හිතුණේ?
ප්‍රසන්න මට චරිතට ගැන ලොකු පැහැදිලි කිරීමක් කළා. ඒ වෙනකොට ජීවිතේ මම ලබපු අමිහිරි අත්දැකීමක් නිසා හිතේ පීඩාවෙන් හිටියේ. මට වෙනසක් අවශ්‍ය වුණා. ඒ ප්‍රශ්න අමතක කරන්න. මම ඒ නිසා චිත්‍රපටය භාර ගත්තේ කැමැත්තෙන්. චිත්‍රපටයේ අඬන දර්ශනවල මම ඇඬුවේ ඇත්තටමයි. ඒ මගේ ඇත්ත කඳුළු.
දැන් ඔබ විවාහකයි.?
ඔව්. ඔහු ජීවන් ගුණතිලක. නීතීඥයෙක්.
අමන්දා ගැන ජීවන්ගේ ප්‍රතිචාර කොහොමද?
මුලින්ම කියන්න ඕනෑ... ජීවන් මට හොඳ සහයෝගයක් ලබා දෙනවා. එයා කර්ම චිත්‍රපටයේ මගේ චරිතය ගැන හුඟක් අගය කළා.
ඔබේ රංගන ජීවිතේට ඔහු කැමතිද?
මම කොහොමටත් වෘත්තිය නිළියක් නොවෙයිනේ. ඔහුගෙන් බාධාවක්වත් විරෝධයක්වත් නැහැ. හැබැයි මම නම් කාර්යබහුල ජනප්‍රිය නිළියක් වෙන්න කැමති නැහැ. ඒක නිදහසේ ගලාගෙන යන මගේ ජීවිතයට කරදරයක්.
ඒ කියන්නේ මින් ඉදිරියට මිෂෙල් ලැබෙන ආරාධනා බාර ගන්නේ නැද්ද?
දැනටමත් පරාක්‍රම ජයසිහගේ නිර්මාණයකට දායක වුණා. බැහැයි කියන්න බැරි කමට. මොකද ප්‍රසන්න වගේම පරාක්‍රමත් හොඳයිනේ. ඒත් ලැබෙන හැම නිර්මාණයක්ම බාර ගන්නේ නැහැ.
ටෙලි නාට්‍යවල රඟපාන්න කැමතිද?
අපෝ නැහැ. කොහොමටවත් කැමති නැහැ.
ජනප්‍රියත්වය රංගන ශිල්පිණියකට අවශ්‍ය දෙයක්නේ?
වෙන්න ඇති. ඒත් මට නම් ඒක අනවශ්‍යම දෙයක්. හොඳ නිර්මාණයක චරිතයට දායක වෙන්න කැමතියි. ඒත් ජප්‍රියත්වය මට කැදැයක්.
ඔබ මවක්?
ඔව්...ඊතන්...ඒ තමයි මගේ පුංචි පුතා. විශේෂයෙන්ම මම කාර්යබහුල නොවෙන්නේ එයා නිසා. මොනද පුතා කැමති මාත් එක්කම දවස ගත කරන්න. මමත් එහෙමයි.
ඔබ වෘත්තියෙන් ගුරුවරියක්. රැකියාව රංගනයට බාධාවක්ද?
මම ඉංග්‍රීසි ගුරුවරියක්. රැකියාවෙන් නම් බාධා නැහැ. මොකද මම රැකියාමට මුල් තැන දෙනා නිසා.
තමන්ගේ ගුරුතුමිය 'නිළියක්' වීම ගැන දරුවන්ගේ ප්‍රතිචාර කොහොමද?
ළමයි අහනවා...ඒත් මම පාසලේදී එයාලගේ ගුරුතුමිය මිසක් රංග්‍න ශිල්පිණියක් නොවෙියනේ. මම ඒ ප්‍රතිචාරවලට වැඩිය අනුබල දෙන‍්නේ නැහැ.
මිෂෙල් බර්ගර්ද?
ඔව්. ඒත් මට සිංහල පුළුවන්. චතුර විදිහට නම් කතා කරන්න බැහැ.
මිෂෙල්ගේ අනාගත බලාපොරොත්තු ගැනත් කියමු?
මම එහෙම බලාපොරොත්තු මත ජීවත් වන කෙනෙක් නෙමෙයි. මට ඕන අද දවස සතුටින් ගත කරලා හෙට දවසට සාර්ථකව මුහුණ දෙන්න.
මිෂෙල්ගේ ජායාරූප එකතුවක් මෙතනින් බලන්න