එල්.ටි.ටී.ඊ. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස සැලකෙන නඩරාසා මතේන්ද්‍රන් හෙවත් පරිති නැමැත්තා ප්‍රංශයේ පැරිස් නගරයේදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය මාර්තා අනාවරණය කරයි.
ප්‍රංශයේ එල්.ටි.ටී.ඊ. හිතවාදී පිරිස් විසින් ගොඩනගා තිබු සංවිධානයක සභාපතිවරයා ලෙස මොහු කටයුතු කර ඇතැයිද එල්.ටී.ටි.ඊ සංවිධානයට පක්ෂපාති වෙබ් අඩවි විසින් වාර්තා කර තිබේ.
ප්‍රංශයේ නැගෙනහිර ප්‍රදේශයකදී ඊයේ (08) රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.
අවුරුදු 50 ත් 60 ත් අතර වයසේ පසුවන පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇතැයි ප්‍රංශ පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් අතර ඇති වු ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇතැයි යන්න එරට පොලීසිය සැකකරයි.
කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා කවරෙකුද යන්න මෙතෙක් අනාවරණය වී නැති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
එල්.ටි.ටි.ඊ. සංවිධානයේ ප්‍රංශයේ ලොක්කාට වෙඩි තබා මරලා?
2012-11-09T12:00:00+05:30
k2
Sri Lanka News|පුවත්|