Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

නිවුන් දරු දෙදෙනකුගේ මවකට දොස්තර ලිංගික අතවර කරයි..

නිවුන් දරු දෙදෙනකුගේ මවකට ලිංගික අතවර කළ බව කියන රස්නායකපුර රජයේ රෝහලේ වෛද්‍යවරයෙකු  අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.

නිවුන් දරුවන් දෙදෙනකු සිටින 20 හැවිරිදි මවක් නිකවැරටිය රස්නායකපුර රජයේ රෝහලේ සේවයේ කරන වෛද්‍යවරයෙකුගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට උපක්‍රමශීලීව කැඳවාගෙන ගොස් ඇත.
මේ මව පරික්ෂා කර බලා ගැබ් ගෙන ඇති බව පවසා මුත‍්‍රා පරීක්ෂණයක් කරගෙන තම නිල නිවාසයට පැමිණෙන ලෙස කරන ලද දැනුම්දීමක් මත ඇය එහි ගොස් ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.

නිල නිවසට ගිය අවස්ථාවේ වෛද්‍යවරයා ඇයට ලිංගික අතවර කළ බව ඇගේ සැමියාට දැන්වීමෙන් පසු රත්නායකපුර පොලිසියට පැමිණිලිකර ඇත.
වෛදයවරයා විසින් ලිංගික අතවර කරන ලදැයි කියන මව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීම සඳහා කුරුණෑගල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ බවද පොලිසිය කියයි.

මෙම සිද්ධියට සම්බන්ධව බව කියන වෛද්‍යවරයා ප‍්‍රදේශය අතහැර පලා ගොස් ඇතැයිද එම පොලිස් නිලධාරියා පැවැසීය.

මේ අතර කුලියාපිටිය දිස්ති‍්‍රක් රෝහලේ වෛද්‍යවරයෙකු විසින් අවුරුදු 09ක් පමණ වයසැති දැරියක රෝහලේ කාමරයක් තුළට කැඳවා ඇය ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට ඇයගේ පියා විසින් පැමිණිලිකර ඇතැයි කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

මේ සම්බන්ධයෙන් තොරතුරු විමසා දැරියගෙන් පොලිසිය විසින් ප‍්‍රකාශයක් ලබාගෙන ඇත. තම බාප්පා රෝහල්ගත කිරීම සඳහා පෙරේදා අලූයම සිය පියාද සමග ඇය කුලියාපිටිය දිස්ති‍්‍රක් රෝහලට ගොස් ඇතැයිද පොලිසිය කියයි.

පියා ඇයගේ බාප්පා ද කැටිව රෝහලේ වාට්ටුවකට ගිය අවස්ථාවේ වෛද්‍යවරයකු දැරිය කාමරයකට කැඳවා ලිංගික අපයෝජනයකට ලක්කර ඇතැයි එම පොලිස් නිලධාරියා කීය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us