
මම සියලු බුරුවන්ට කියන්නේ...තමුසේ අහගෙන කතා කරනවා...
එෆ් එම් චැනල් එකකින් 2013 පිටසක්වල ප්‍රහාරයක් ගැන කියන්න ගොස් චන්ද්‍රසිරි බණ්ඩාර බූරුවෙකු සමග බැනගනී...
2012දී ලෝක විනාශයක් සිදු නොවන බවත් සත්‍ය වශයෙන්ම සිදුවනු ඇත්තේ ලබන වසරේ එනම් 2013 දී පිටසක්වල ආක්‍රමණයක් බවත් කියන ප්‍රකට ජ්‍යොතිෂ්‍යවේදී චන්ද්‍රසිරි බණ්ඩාර ඊයේ ගුවන් විදුලි වැඩසටහනකට එක්වෙමින් අසන්නෙකු සමග වාදයකට පැටලූණා...
2013දී එවැන්නක් විය හැකි යයි පිළිගන්නට නොහැකි බවට නිහාල් නමැති අසන්නා සෘජුවම ප්‍රකාශ කළ විට කෝපාවිශ්ඨවූ චන්ද්‍රසිරි මහතා ඔහුට සජීවී වැඩසටහනේදී ප්‍රසිද්ධියේ බැණ වැදුනේ බූරුවෙකු යයි කියමිනි...
එම සාකච්චාවට සවන් දෙන්න පහතින්.
නිහාල් නමැති අසන්නා:
ආයෝබෝවන් ඔබතුමන්ලාට...බණ්ඩාර මහත්තය අතීතයේ දේවල් මව මවා පෙන්නන්න හදනවා...අතීතයේ රහතන් වහන්සේලා හිටියට දැන් රහතන් වහන්සේලා නැනේ . ඒ වගේ ඔය සිද්ද වෙන්නේ ලෝක විනාසයක් නෙවෙයි. මනුෂ්‍ය විනාශයක්.
ඉතින් ඔය කියන විදියට 2013 දී එහෙම දෙයක් වෙයි කියල නම් හිතන්න අමාරුයි.එක බුදු බැනේ තියෙනවනේ කල්ප ගානක් ගිහිල්ල සිද්ද වෙන්නේ කියල. කල්ප ගානක් පෙරුම් පුරලා බුදු කෙනෙක් බිහි වෙන්නේ. ඒ කල්ප ගැනම යන්න ඕන විනාස වෙන්න.ඒ වගේම ඉතින් එයා කියන දේවල් නම් පිළිගන්න අමාරුයි (සිනාසෙමින්)
චන්ද්‍රසිරි බණ්ඩාර:
නිහාල් මහත්තය අනේ කියන්නකෝ මම කියපු දේවල් වලින් පිළිගන්න බැරි මොකද්ද කියල. එක කිව්වනම් මට එක තේරුම් කරලා දෙන්න පුළුවන්.
නිහාල් නමැති අසන්නා :
ඇයි මහත්තයෝ ඕක හරියටම 2013 වෙනවයි කියල නිගමනේ කරන්නේ කොහමද?
චන්ද්‍රසිරි බණ්ඩාර :
මොකද්ද ඉතින් ? හරියටම කියන්නකෝ ඉතින්
නිහාල් :
ඕක දැන් ගොඩක් අය කිව්වා එකක් ....
චන්ද්‍රසිරි බණ්ඩාර :
හරි හරි මම කිව්වා එකක් කියන්න.තේරුම් ගන්න.මේ චන්ද්‍රසිරි බන්ඩාර කියන්නෙ තවත් පාදඩ කේන්දර කාරයෙක් නෙමෙයි නිහාල් මහත්තයා.ඒ නිසා මොළේ ඇතිව අහන්න.
අපේ කාලය නාස්ති කරන්නෙ නැතිව.පේ‍්‍රක්ෂකයෙක් හැටියට සවන්දෙන්න..තේරුම් ගන්න..මම කිසිම තැනක කියල නැහැ මේ ලෝක විනාශය වෙනවයි කියල.මම සියලූ බූරුවන්ට කියන්නෙ. මම ඒ ගොඩට දැන්න එපා කියල.
නිහාල් බැරි නම් මොන බූරුවෙක් වුණත් තේරුම් ගන්නවා..තමුසෙ හරියට අහගෙන කතා කරනවා..මං මේ මුළු රටටම ඇහෙන්න කියන්නෙ. තක්කඩි මෝඩ ම්ලේච්ඡු ප‍්‍රාථමික ගණයේ මිනිහෙක් හැටියට වැඩ කරන්න එපා කියල මම කියන්නෙ
චන්ද්‍රසිරි බණ්ඩාර සියලු බුරුවන් ඇමතු කතාව පමණක් අහන්න පහලින්
මව්බිම පුවත්පතට චන්ද්‍රසිරි බණ්ඩාර සැපයු පිටසක්වල ප්‍රහාරය සම්බන්ධ පුවත්පත් ලිපිය බලන්න මෙතනින්
සම්පුර්ණ වැඩසටහනට සවන් දෙන්න පහතින්