Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පා පැදියේ නැගී යද්දී කුඩා දරුවන් දෙදෙනෙක් යකඩ යකාට බිලි

පාපැදිය අරන්දී තිඛෙන්නේ අනතුර වෙන්න පැය භාගෙකට කලින්

ලොකු සතුටක කෙලවර ලොකු දුකක්ද තිබුණා...

විදේශ ගතව සිටින මව තම දරුවාට බයිසිකලයක් රැගෙන දෙන ලෙස කියමින් දරුවාගේ පියාට මුදල් එවා තිබුන අතර පියා විසින් තම දරුවාට බයිසිකලය රැගෙන දීමෙන් පසු පැය භාගයක් ගතවන්නටත් මත්තෙන් දරුවා තවත් යහලූවෙක් සමගින් බයිසිකලයෙන් ගමන් ගත්දී දුම්රියට බිලිවූ අවාසනාවන්ත පුවතක් ගාල්ල තල්පේ ප්‍රදේශයෙන් වාර්තා වනවා
ඊයේ(5) සවස මෙම අවාසනාවන්ත අනතුර සිදුවී තිබුනේ ගාල්ල තල්පේ පනංදුව අනාරක්‍ෂිත දුම්රිය හරස්‌ මාර්ගයේදීයි වව්නියාවේ සිට මාතර බලා ගමන්ගත් දුම්රියක මෙම ළමුන් දෙදෙනා ගමන් ගත් බයිසිකලය ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුන අතර සිද්ධියෙන් ළමුන් දෙදෙනා එම ස්ථානයේදී ම මියගොස් තිබුනා

මෙසේ මියගොස්‌ තිබුනේ හය හැවිරිදි වියේ පසුවූ දිසානායක මුදියන්සේලාගේ නිමේෂ් තත්සර සහ ඔහුත් සමග බයිසිකලයේ ගමන්ගත් එකොලොස් හැවිරිදි වියේ පසුවූ හීනටිගල ආරච්චිගේ තනුෂ්ක මයුරංග නමැති තල්පේ ඉඳිගහවත්තේ පදිංචි දරුවන් දෙදෙනෙකි.

හබරාදුව පොලිස් රථවාහන අංශය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා



Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us