"පබා" ඉල්ලූ ඌරු මස් නොලැබුනත් "රෝසි" ඉල්ලූ ගෝල්ඩන් සිරප් ලැබෙයි
රෝසි නිසා පැණි බේකන් ගෝල්ඩන් සිරප්
මුස්ලිම් මන්ත්‍රී විරෝධය නිසා ඌරු මස් තහනම්
අඩු මිලට වටිනා කෑම කන්නට ලැඛෙන ස්ථානයක් ලෙස පාර්ලිමේන්තුවේ භෝජනාගාරය ප්‍රසිද්ධය.
එහි මන්ත්‍රීවරුන් උදේ කෑමට ගෙවන්නේ රුපියල් 80 කි. දවල් කෑමට ගෙවන්නේ 150 කි.
නියම ආකාරයට සැලකුවොත් දවල් කෑමක වටිනාකම එමෙන් දහගුණයක් හෙවත් 1500 ක් වන බව කියැවෙනවා. අවශ්‍ය මහජන මුදල් වෙන්කිරීම් කර ඇති නිසා කෑම සපයන්නන් පාඩුවකින් තොරව එය පවත්වා යනවා.
රෝසි සේනානායක මන්ත්‍රීවරිය විසින් පාර්ලිමේන්තුවේ උදැසන ආහාර වේලට එක්කරන ලෙස යෝජනා කළ කෑම ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදැසන කෑම වේලට දැනට දෙන ආහාරවලට අමතරව මි පැණි, බේකන්, කොන් ෆ්ලෙක්ස් හා ගෝල්ඩන් සිරප් ලබාදීමට තීරණයවී තිබේ.
එම දේවල් එක්වුවද රු.80ක් වූ එම උදැසන කෑම වේලෙහි මිලෙහි වැඩිවීමක් සිදුනොවේ.
මීට අමතරව උපේක්ෂා ස්වර්ණමාලී මන්ත්‍රීවරිය විසින් දිවා ආහාරය සදහා ඌරු මස් හා හරක් මස් ලබාදෙන ලෙසට කල යෝජනාවට මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් විරුද්ධ වීම නිසා ඌරු මස් ලබාදීම කතානායකවරයා විසින් නවතා ඇත. නමුත් මන්ත්‍රීවරුන්ට හරක් මස් ලබාදීමට අනුමැතිය ලැබී ඇත.
දැනට මන්ත්‍රීවරුන් සදහා පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදැසන ආහාරය සදහා කවුපි, මුං ඇට, කිරිබත්, ආප්ප, ලබාදෙන අතර එම කෑම වේලක් සදහා රුපියල් 80 ක් අයකෙරේ.
දිවා ආහාරය සදහා රුපියල් 150ක් අය කලද එම කෑම වේලක් සදහා පමණක් රුපියල් 1,500කට වැඩි මුදලක් වැයවන බව වාර්තාවේ.