Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

සංගීත සංදර්ශනය බලා යමින් සිටි වේදිකා නිළිය..

බෝඩිමේ,අංකල් ගුවන් හමුදා සෙබළුන් දෙදෙනා ඇතුළු
හතරදෙනෙකු  දූෂණය කරලා..

පසුගිය දිනවල අපට අසන්නට ලැබුණු ඉන්දියාවේදී බස් රථයක් තුල සමූහ දුෂණයකට ලක්ව මියයයි ඉන්දීය සිසුවිය පිළිබද පුවතට සමාන පුවතක් මීගමුවෙන් වාර්තා වෙනවා..

මේ දිනවල වේදිකා නාට්‍ය කිහිපයකම රංගනයේ නිරතවන 28 හැවිරිදි ප්‍රකට රූමත් වේදිකා නිළියක වන ඇය හතරදෙනෙකු අතින් දූෂණයට ලක්වීමේ අවාසනාවන්ත සිද්ධිය මීගමුව කදිරානෙන් වාර්තා වනවා.
මෙම සිද්ධියද ඉන්දියාවේ බස් රථයේ ඛේදවාචකයට නොදෙවෙනි වේ..

මේ සිද්ධිය නිසා එක්දරු මවකද වන මේ නිළිය දැන් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.

ඇය බිබිල ප්‍රදේශයේ පදිංචිකාරියක වන විවාහවී දරුවෙකුද සිටින මවකි. මෑත කාලයේ රගදැක්වෙන වේදිකා නාට්‍ය ගණනාවක පුහුණුවීම් හා දර්ශනවාර වලට සහභාගීවීමේ පහසුව පිණිස ඇය මීගමුව ප්‍රදේශයේ නේවාසිකාගාරයක නවාතැන්ගෙන සිටින්නියකි.

තම නේවාසිකාගාරය අසල පසුගිය දෙසැම්බර් 31වනදා රාත්‍රියේ පැවති සංගීත ප්‍රසන්ගය අවසන්වී නැවත නේවාසිකාගාරය බලා පිටත්ව ගොස් ඇත්තේ ජනවාරි 01 වෙනිදා (අවුරුදු දින) අලුයම අලුයම 1.00 ට පමණය.ඇවිදගෙන යමින් සිටි ඇය පැමිණ ඇත්තේ තනිවමය.
මේ අවස්ථාවේ තමන් ආ ගුරු පාරේ මග රැක සිටි කිසියම් පුද්ගලයෙකු තමාට මරණ තර්ජන එල්ලකර බියගැන්වූ බවත් පසුව තමා ඔසවාගෙන ගිය බවත් ඇය පැවසුවා.

තමන් කෑ ගැසුවත් එය පිටතට නෑසෙන සේ ඔහු කට තද කරන ලද බවත් ලඳු කැලෑ ප්‍රදේශයකට තමාව ඔසවාගෙන ගොස් එතැනදී ඔහු තමාට අතවර කළ බවත් ඇය කිව්වා.

ඇයවපලමුව දූෂණය කර ඇත්තේ ලක්‌මාල් ජයතිලක නම් ගුවන් හමුදා භටයාය.

පසුව ඔහු දුරකථනයකින් මිතුරන් තිදෙනෙකුට එතැනට එන්නැයි කියා කථා කර තිබූ අතර ඔවුන් තිදෙනාද එතැට විත් වරින්වර තමන් දූෂණය කරන ලද බවත් ඇය කිව්වා.

මේ අවස්ථාවේ තමන්ට හුරු කටහක් ඇති අයෙකු මේ සිව්දෙනා අතර සිටි බව ඇයට වැටහී තිඛෙන අතර ඒ වෙනත් කිසිවෙකු නොව තමන් සිටින නේවාසිකාගාරයේ අයිතිකාර අංකල් බව ඇය හඳුනාගත්තා. තමන් හා ගරුසරුවෙන් සුහදව වෙනදාට කථාබහ කරන ඔහුද කිසිදු විළිලැජ්ජාවක් නැතිව පිරිසක් සමග හවුල්වී දූෂණයට සම්බන්ධවී සිටීම ගැන ඇය පුදුම වුණා.

තමා අංකල්ව හඳුනාගැනීම නිසා ඔහු ලැජ්ජාවට පත්වී ඇති අතර පිරිසත් සමග එතැනින් පළා ගොස් ඇත්තේ අනතුරුවය. නමුත් ඒවනවිට ඔවුන් අතින් දූෂණ්‍යට ලක්ව ඇය අසාධ්‍ය තත්වයෙන් සිට ඇත. ඇයව කැලෑවේ අතැර දමා ඔවුන් ගොස් තිබුණ පසු අසරණවූ ඇය කෑ ගසා ප්‍රදේශවාසීන්ගේ උදව් ඉල්ලා රෝහල් ගතවී ඇත. සිදධිය පොලිසියට ඇය විස්තර කළේ රෝහලේ සිටයි. මේ ගැන පරීක්ෂණ කඩිනමින් පැවැත්වූ පොලිසිය සැකකරුවන් කොටුකරගත්තා.

ඔවුන්ගේ නම් වනුයේ ගුවන් හමුදා භට ඉත්තෑපාන ලූල්බැද්දුම කුරුඳුවත්ත පදිංචි කේ. ඒ. උදිත ලක්‌මාල් ජයතිලක (26), ගුවන් භට මැදිරිගිරිය නව නගරය යාය 4 පදිංචි පී. ඩී. සුනිල් ශාන්ත (40), වඩුකාර්මික ශිල්පියකු වූ මීගමුව කිඹුලාපිටිය ගල්මන්කඩ පදිංචි එල්. බුද්ධික ප්‍රේමරත්න (32) සහ නේවාසිකාගාර හිමියකු වන කදිරාන පේෂකර්ම ගම්මානයේ පදිංචි කේ. පැට්‌රික්‌ ප්‍රනාන්දු (54) නමැත්තන්ය.


ඔවුන් ජනවාරි මස 15 වැනි දින දක්‌වා රිමාන්ඩ් භාරයට පැමිණවීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කර ඇති අතර අසාධ්‍ය තත්ත්වයට පත්වූ වේදිකා නාට්‍ය නිළිය මේ වනවිට ප්‍රතිකාර සඳහා මීගමුව දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

ලංකාවේ වාර්තා වන බොහෝ මංකොල්ලකෑම් හා ස්ත්‍රී දූෂණයන් වාර්තාවන්නේ නිවාඩුවට පැමිණෙන හමුදා සෙබලුන්ගෙනි.

පසුගිය වසර කීපය තුළ ලංකාවේ වාර්තා වූ ස්ත්‍රී දූෂණ වාර්තා මෙසේය.
1990 වසරේ 365කි.
1995 වසරේ 542කි
2006 වසරේ 1,463කි.
2007 වසරේ 1,397කි.
2008 වසරේ 1,582කි.
2009 වසරේ 1,624කි.
2010 වසරේ 1,854කි.
2011 වසරේ මුල් මාස 11 තුළ වාර්තා වූ ස්ත්‍රී දූෂණ ගනණ 1,636කි.

මීට වඩා වැඩි කාන්තාවන් පිරිසක් දිනකට ලිංගික අතවරයට ලක්වෙන නමුත් ලැජ්ජාව, බිය, නොදන්නාකම, මරණීය තර්ජන, පහරදීම හා අල්ලස් ගැනීම් නිසා බොහෝ අපචාර පොලිසියට වාර්තා වෙන්නේ නැති බවයි පොලීසිය පවසන්නේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us