Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

කරන්දෙණිය නිවෙසක මව හා දරු දෙදෙනා අභිරහස් ලෙස මරා දමලා..

කරන්දෙණිය කොටවෙල ප්‍රදේශයේ නිවෙසක අබිරහස් ලෙස මියගොස් සිටි දෙදරු මවක හා දරු දෙදෙනකුගේ මළසිරුරු ඊයේ (28දා) පස්වරුවේ කරන්දෙණිය පොලිසිය මගින් සොයාගනු ලැබිණි.

මීට දින කීපයකට ඉහතදී මේ තිදෙනා මියගොස් ඇති බවට සැකකරන අතර මොවුන්ගේ නිවස දෙසින් දැඩි දුගඳක්‌ හැමීම පිළිබඳව සැක සිතූ ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම්දීමකට අනුව මෙම සිරුරු තුන සොයාගත් බව පොලිසිය කියයි.
මියගිය තිදෙනාගේ සිරුරුවල කැපුම් තුවාල දක්‌නට තිබූ බවද කිසියම් අයකු මෙම තිදෙනා ඝාතනය කරන්නට ඇතැයි සැකකරන බවද පොලිසිය පවසයි...මෙසේ මියගොස් ඇත්තේ ශ්‍රියාණි පුෂ්පලතා (41), තරිඳු සම්පත් (09) සහ දිල්හානි කුමාරි (07) යන අයයි. දරුවන් දෙදෙනා දකුණු මාගල කනිෂ්ඨ විද්‍යාලයේ 2 සහ 3 ශේ‍ර්ණිවල ඉගෙනුම ලැබූ අය වෙති.

මෙය දින තුනකට පමණ ඉහතදී සිදුකරනු ලැබූ මිනීමැරුමක් බවට පොලිසිය විසින් සැක පළ කරයි. මළ සිරුරු පොලිසිය විසින් සොයා ගන්නා විටත් දැඩි දුඟදක් හමමින් තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා පැවැසීය.

මේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකු ඊයේ වන විට අත්අඩංගුවට ගැනීමට නොහැකිවූ වූ බවට පැවැසූ ඒ මහතා සිද්ධිය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණ පැවැත්වීමෙන් අනතුරුව සැකකරුවන් කවුරුන්දැයි අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවද කීය.

මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා මිනී මැරුමක් සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති අයකු බව තොරතුරු හෙළිවී ඇති බවද හෙතෙම කීය.මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ කරන්දෙණිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us