
දුමින්ද නිදහස් වීම ගැන හිරුණිකා කලකිරේ...
භාරත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටිමින් නවලෝක රෝහලේ පසුවූ හිසට වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ බව කියූ මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ඊයේ දිනයේ හැසිරුණු ආකාරය සැක උපදවන බව භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද‍්‍ර මහතගේ දියණිය හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පවසයි.
ඇය සිය නිවසේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කලේ දුමින්ද සිල්වා මහතා ඇපමත නිදහස් වීමෙන් තමන් තවදුරටත් කළකරුණු බවයි..
තම පියාගේ ඝාතනයේ සිට මේ දක්වා තමන්ට සාධාරණයක් ඉටුවී නොමැති බවද පැවසූ හිරුණිකා මෙම සිද්ධියෙන් තමාත් තම මවත් දැඩි ලෙස කම්පා වී සිටින පවද පැවසුවාය.
ලංකාවේ සත්‍ය ජය නොගන්නා බව මෙම සිද්ධියෙන් ඔප්පු වූ බව පැවසූ ඇය ජනාධිපතිතුමන් විසින් මෙහි වගකීම ගත යුතු බවද වැඩිදුරටත් කියා සිටියාය.
වෙඩි උණ්ඩ තුනක් වැදී එක් උණ්ඩයක් හිසේ සිරවී තිබියදී දේශපාලනය කරන ලෝකයේ එකම දේශපාලඥයා දුමින්ද සිල්වා වනු ඇතැයිද පවසන වර්ණකුලසූරිය මහතා ඔහුගේ මවුපියන්ගේ සහ සහෝදර සහෝදරියන්ගේ අභිප‍්‍රාය වන්නේද ඔහු ඉතා ඉක්මනින් දේශපාලනයට ප‍්‍රවිශ්ඨ කරවීම යයිද පවසයි.
හිරුනිකා මෙනවිය අදහස් දැක්වීම පහතින්
පසුගිය 2011 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයදා මුල්ලේරියාව දී සිදු වූ වෙඩි හුවමාරුවකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු මියගොස් පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතා ඇතුළු තිදෙනෙක් බරපතළ තුවාල ලැබූහ.
ඉන් පසුව දුමින්ද සිල්වා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබා ගැනීම සදහා පිටව ගොස් තිබුණි ඒ අනුව වසර එකහමාරකට පසුව ඔහු මේ වසරේ නැවත ලංකාව පැමිණියේය. එම දුමින්දා ගමනයෙන් පසුව නැවතත් ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්දිය කරලියට පැමිණියේය. එම අවස්ථාවේදි දුමින්ද පාර්ශවයෙන් කියා සිටියේ දුමින්ද තවමත් සිහි මද තත්වයෙන් සිටින බවත් ඔහුට තවත් වසරක් වත් නේවාසික ප්‍රතිකාර අවශ්‍ය බවයි. ඒ සදහා ඔවුන් දුමින්ද සිල්වාගේ ඡායාරුපයක් ද මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලදි.
කෙසේ වෙතත් තත්ත්වය එසේ තිබියදී ඊයේ(26) දිනයේදි දුමින්ද සිල්වාට ඇප ලැබිමත් සමග ඔහු හාස්කමකින් සුවවූවා යැයි පවසමින් දුමින්දගේ සොයුරු රෙනෝද සිල්වාගේ පැත්ත ගියත් ඇත්ත කියන හිරු එෆ් එම් නාලිකාව විසින් පැවසිය..
නවලෝක රෝහලෙන් ඔහු එළියට එන අවස්ථාවේදී පිලිගැනීම සඳහා දුමින්දගේ ආධාරකරුවන් විශාල පිරිසක් රෝහල ඉදිරිපිටට පැමිණි තිබිණි.වෙඩි වැදීමකින් පසුව හාස්කමකින් වසර එකහමාරකට පසුව යලි කෙළින් කටින් හිටගත් දුමින්ද සිල්වා ඔවුන් විසින් මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී
වසර එකහමාරකට පසුවත් සිංගප්පූරුවේ සිට ගිලන් රියකින් පැමිණි දුමින්ද සිල්වා, විෂබීජ යනවා යයි පවසමින් අධිකරණයටවත් ඉදිරිපත් කිරීමට නොහැකි යයි කී දුමින්ද සිල්වා ඊයේ දෙපයින් යස අගේට ඇවිදිමින් වීරයෙකු මෙන් සෙනග අතර තෙරපෙමින් රථයකට නැග යන්නට ගියේ විෂබීජ නැති වටපිටාවක විය යුතුය...
දුමින්ද ගමන නාටකයේ තවත් කොටසක් වුයේ ගෙදර යෑමට පෙර මාධ්‍යයට කතා කරමින් දුමින්ද කීවේ පළමුවෙන්ම අරලිය ගහ මන්දිරයට ගොස් ජනාධිපතිවරයා හමුවී ආශිර්වාද ලබා ගන්නා බවයි. ඉන් අදහස් කලේ ඔහුගේ ‘ක්ෂනික සුවවීමේ හාස්කම’ තිබී ඇත්තේ දෙවියෙකු අත නොව ජනාධිපතිවරයා අතේ බවයි.
මෙම දුමින්දාගමන නාටකයේදී ජනතාවට කෙතරම් රැවටුවේද යන්න මෙහි පහතින් ඇති සේයාරූ වලින් දැක්වේ. දුමින්දගේ හිසේ සැත්කමක් පෙන්වන සේයාරුවක් අධිකරණයට ඉදිරිපත් කළ අතර එය මාධ්‍යයට ද පෙන්වීය. ඉන්පසු ඊයේ දුමින්ද සිල්වා පළමු වරට කැමරාවට හසුවූ අතර දුමින්දගේ හිසේ සමීප සේයාරූ කිහිපයක් මෙහි දැක්වේ. ඒ අනුව මීට පෙර අධිකරණට ඉදිරිපත් කළ සේයාරුවේ මෙන් ගජිනි චිත්‍රපටයේ ආකාරයේ කැළලක් නොමැති බව පෙනී යයි.
හාස්කමකින් සුව වූ දිමින්ද මහතා

වෙඩි වැදී සියල්ල අමතක වී රෝහල් ගතව සිටි දුමින්ද මහතා

පහතින් දැක්වෙන්නේ දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා විසින් වෙඩි වැදුණු දුමින්ද සිල්වාගේ හිසෙහි ජායාරුප වාර්තාව ඉදිරිපත්කර තිබුණු අයුරුයි.






