
මිහිකත දිනය සැමරීමේ 43 වන සංවත්සරය ශ්‍රී ලංකාවේ සැමරීමට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සියලූ කටයුතු සංවිධානය කර තිබු අතර ඒ අනුව ඊයේ දිනයේදී රට පුරා ජනතාව නියෝජනය වන පරිදි පාසල් දරුවන්, රාජ්‍ය නිලධාරීන්, පුද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සමග එක්වී පරිසර පා ගමනක් සංවිධානය කර තිබු බව වාර්තා වේ...
දේශගුණ විපර්යාසයන්ගේ අහිතකර බලපෑම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත් මතු පරපුර උදෙසා පෘතුවිතලය රැකගැනීමට දායකවන්නේ කෙසේදැයි යන්න පිළිබඳ ව සමස්ත ශ්‍රී ලාංකික ජනතාව දැනුවත් කිරීමත් මෙමගින් බලාපොරොත්තු වේ...
කෙසේ වෙතත් ඊයේ යේදී (22) යෙදී තිබු ලෝක මිහිකත දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී මිෂෙල් සිසන් මහත්මිය කොළඹ ගාලු මුවදොර හෝටලය ළඟ සිට ගාලු මෝදර පරණ පාර්ලිමේන්තුව දක්වා වෙරළ තීරයේ කුණු ඉවත් කරමින් සිය දායකත්වය දක්වා තිබුනේ මෙලසය..






