Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

වසරේ හොඳම විහිලූව තමයි ඒක - මන්ත‍්‍රී ජයලත්

අරලියගහ මන්දිරයේ ඊයේ(22)  උදෑසන පැවැති ජනාධිපතිවරයා සහ මාධ්‍ය ප‍්‍රධානීන් අතර සාකච්ඡාවට එක්වූ විදුලිබල ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය විදුලිබිල වැඩි කිරීමෙන් ජනතාවට බරපතල බලපෑමක් එල්ල වී නොමැති බව පවසා තිබේ.

මේ ඉහළ දැමීම තාවකාලික බවත් ඇය පැවසීය..
විදුලි බිල වැඩි කිරීමෙන් අනතුරුව විදුලි බල ඇමතිනිය මාධ්‍යවේදීන් හමුවේ පෙනී සිටි පළමු අවස්ථාව ද මෙය වේ.ඉකුත් දිනවල ජනතා විමුක්ති පෙරමුණ පැවසුවේ “පවිත‍්‍රා වන්නිආරච්චි මේ දිනවල සැඟවුන අමුත්තිය”වී ඇති බවය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා පවසන්නේ පවිත‍්‍රා වන්නිආරච්චි මේ වසරේ හොඳම විහිලූව සිදුකර ඇති බවය.පවිත්‍රා දේවී ගිනි දේවී කියා හිතුවේ නෑ - ජනතාව විදුලි පුටුවට ගෙනයනවා

මේ අතර විදුලිබිල වැඩි කළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ චුතවීමේ ගමන ආරම්භ කර ඇති බවත් ඊනියා මහජන උපයෝගිතා කොමිසම රූකඩයක් බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි....
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යකා කොරහා බිඳගෙන යන ආකාරයට විදුලිබිල වැඩි කර ජනතාවගේ බඩට ගසා ඇති බවද ආසියාවේ ආශ්චර්යය දැන් දැන් පෙනෙන්නට පටන්ගෙන ඇති බවද හෙතෙම කියයි.

සහන දෙන බව කියන ආණ්ඩුව දිගින් දිගටම ජනතාවට දෙන්නේ දුක් වේඳනා බවත් විදුලිබල අමාත්‍යධූරයට කාන්තාවක් පත්වීමෙන් පසු පවිත්‍රා දේවිය මේතරම් ඉක්මනට ජනතාවට ගිනි දේවී කියා නොසිතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

පවිතා දේවිය දැන් සිටින්නේ කොහිදැයි කියාවත් නොදන්න බවද ගයන්ත කරුණාතිලක මහතා කියයි.ආණ්ඩුවේ නාස්තිය දූෂණය නිසා එහි පාඩුව ජනතාව මත පැටවී ඇති බවත් එජාප පාලන කාලයේ ජනතාවට මෙතරම් දුක් ගිනි නොතිබූ බවත් හෙතෙම පෙන්වාදෙයි.

යුද්ධය කාලයේ ජනතාව රට ගියේ ත්‍රස්තවාදය නිසා බවද දැන් මිනිසුන් රටින් පලායන්නේ ජීවන වියදම දරා ගැනීමට නොහැකිව බවද ඔහු පවසයි...එජාපය රට භාරදෙන විට භූමි තෙල් ලීටරය රුපියල් 30.00ක් බවද වත්මන් මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මේවන විට භූමි තෙල් ලීටරය රුපියල් 130.00ක් බවද හෙතෙම කියයි.

බදුපිට බදු ගසා ජනතාව පීඩාවට පත්කර ඇති ආණ්ඩුව හුස්ම ගන්නවාටත් හිරු එළියටත් දැන් මිනිසුන්ගෙන් බදු අය කර ගනු ඇති බව පෙන්වාදෙයි...කොළඹදී ඊයේ (22) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා මේ අදහස් දැක්වීය.

මේ අතර කොළඹ ඊයේ පැවැති තවත් මාධ්‍ය හමුවකදී එජාප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමාගේ පියාණන් වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ කාලයේ ජනතාවට ‍මෙවැනි ජීවන බරකට මුහුණ පෑමට සිදුනොවු බවයි...ජනතාවට විදුලිසැර වැදී ඇති බවත් මේවා පශ්චාත් යුද සමයේ ජනතාවට ලැබී ඇති ප්‍රතිලාභ බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

ජනතාව විදුලි පුටුව කරා යන යුගය ඇවිත් ඇති බව ද ඔහු සඳහන් කළේය.මේවන විට ජනතාව දරාගන්න බැරි ජීවන බරකින් හෙම්බවත්වී සිටින බවද ඔහු එහිදී පැවසුවේය...ධීවරයින්ට ලබාදෙන ඉන්ධන සහනාධාරය සියයට 10කින් කපා ඇති බවද පාසල් ළමුන් විශාල සංඛ්‍යාවක් මන්ද පෝෂණයෙන් පෙළෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ලබන පළමු වැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනට සිය පියා ඝාතනයට ලක්වී වසර 20ක් පිරීම නිමිති කරගෙන විශේෂ ගුණ සමරු වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us