
දැන් මගේ ඔලූවේ වැඩ කරන්නේ මහ ඇමැතිකම ජයලලිතාට වගේ මටත් පුලුවන් - ගීතා කියයි
ඉන්දියාවේ ජනප‍්‍රිය නිළියක් වූ ජයලලිතාට මහ ඇමැති වෙන්න පුළුවන් නම් ලංකාවේ ගීතා කුමාරසිංහට මහ ඇමැති වෙන්න බැරි ඇයි දැයි ඛෙන්තර ඇල්පිටිය ආසනයේ ශ‍්‍රීලනිප ප‍්‍රධාන සංවිධායිකා සිනමා නිළි ගීතා කුමාරසිංහ මහත්මිය පවසා තිඛෙනවා.
මහ ඇමැති වෙන්න මගේ ඔලූවේ කිසි ම අදහසක් තිබුණේ නැහැ. නමුත් ඔය කියන මන්ත‍්‍රීවරයා මගේ ඔලූවට එවැනි මෙවැනි අදහසක් දීපු එක ගැන එතුමාට ස්තුති වන්ත වෙනවා.
දැන් මගේ ඔලූවේ වැඩ කරන්නේ මහ ඇමැතිකම ඒ සඳහා ජනතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරනවා. දකුණු පළාත් සභාවේ එජාප මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් “ගීතා ජයලලිතා කෙනෙක් වෙන්න හදනවා” යැයි මාධ්‍යයට කර ඇති ප‍්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළ අතර ඛෙන්තර ඇල්පිටිය ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායක ධූරයෙන් ඉවත් කොට ඇති බවට පැතිර යන ආරංචි පිළිබඳ ඇය මෙසේ කීවාය.
ඕක පට්ටපල් බොරුවක් ඛෙන්තර ඇල්පිටිය ආසනයේ හිටපු සංවිධායකවරයාගේ මල්ලි නියෝජ්‍ය කතානායකතුමා ඇතුළු කිහිප දෙනෙක් තමයි ඔය බොරු ප‍්‍රචාරය ගෙනියන්නේ. ගාල්ලේ පුස් දේශපාලනඥයින් තමයි ඔය කතා පතුරුවන්නේ මම ශ‍්‍රීලනිපය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා. පක්ෂය වෙනුවෙන් කැප වෙනවා දැනට ඛෙන්තර, ඇල්පිටිය ආසනයේ ශ‍්‍රීලනිපයට සාමාජිකයින් විසි දහසක් බඳවාගෙන තිඛෙනවා.
මගේ ඉලක්කය එම සාමාජිකයින් සංඛ්‍යාව තිස් දහස දක්වා වැඩි කර ගැනීමයි විකාර කතා තමයි ඔය පතුරුවන්නේ. තේ කෝප්පයක කතාවක් පටලවාගෙන මට මඩ ගහනවා. එදා ඔය උප සභාපතිවරයා හරි ම නරක විදියට තමයි මට කතා කළේ. හඩපටය මගේ ළග තියෙනවා. ගැහැනු දැන් කටපියාගෙන ඉන්නේ නැහැ. මමත් දකුණේ උපන් ගැහැනියක්. ගැහැනුන්ට පාට් දමන කොට මා කට පියාගෙන ඉන්නේ නැහැ




