Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

අසාධාරණය වෙනුවෙන් සටන් කරනවා -වික්ටෝරියා...

තමාට සහ තම පෙම්වතාට සිදු වු අසාධාරණය වෙනුවෙන් ඕනෑම තැනකදී සාක්ෂී ලබා දීමට තමන් සුදානමින් සිටින බව රුසියානු ජාතික වික්ටෝරියා කචේවා පවසයි...

ඇය බි‍්‍රතාන්‍ය සන්ඬේ ටයිම්ස් පුවත් පතට අදහස් දක්වමින් කියා සිටියේ  ශ‍්‍රි ලංකාවේදී තමාට මෙන්ම බි‍්‍රතාන්‍ය ජාතික රතු කුරුස සේවකයෙකු වු කුරාම ශෙයික් නම් තම පෙම්වතාට සිදු වු අසාධාරණයට එරෙහිව සටන් කරන බවයි..ඇය එම පුවත් පතට සිද්ධිය මෙසේ පවසා තිබේ...
2011 වසරේ දෙසැම්බර් 25 වනදා නත්තල් දිනයේදී රාත‍්‍රීයේදී තංගල්ල නේචර් රිසෝට් නම් හෝටලයේ සාදය පැවැති රාත‍්‍රියේ තමන් තම පෙම්වතා සමඟ සිදු වු සුළු බහින් බස් වීමක් නිසා වෙරළ අයිනේ තනියම හිඳගෙන තිබෙනවා. එවිට එතැනට පැමිණි පුද්ගලයෙකු වැරැද්දක් සිදු වුනාදැයි විමසා සිටියා. එහිදී ඇය බිය වී තමන් නැවත සිටි හෝටලය වෙත පැමිණි බවයි ඇය පවසා සිටියේ.

ඇය හෝටලය වෙත දිව එන විට පුද්ගලයන් පිරිසක් තමන්ට බිම දමා පයින් පහර දී පිහිනුම් තටාකයට තල්ලූ කර දැමු බවත් පසුව ගොඩට ආ විට තම පෙම්වතා බිම වැටී සිටිනු දුටු බවත්ය. තමා පියවී තත්ත්වයට පැමිණිමට උත්සහා කළ නමුත් එය අසාර්ථක වු බවත් ඇය ඒ මොහොතේ තමා උදව් ඉල්ලා හයියෙන් කෑ ගැසු බවත් එතැන් පටන් සිදු වු දේ මතක නැති බවත් ඇය පවසා සිටියා.

ඇයට සිහිය එන විට ඇය සිට තිබෙන්නේ රෝහලක ඇදක් මත බවයි ඇය එම පුවත් පතට පවසා ඇත්තේ. ඇය එම අවස්ථාවේදී ඇඳ සිටි ඇත්තේ ලේ ගැවුණු ටී ෂර්ටයක් පමණක් බවත් ඇයගේ ඇඟ පුරාම තුවාල සිදු වී ඇති බවයි ඇය පවසා ඇත්තේ.මේ සම්බන්ධයේ ශ‍්‍රි ලංකාවේ මුළික පොලිස් වාර්තාවලට අනුව සඳහන්ව තිබෙන්නේ වික්ටෝරියා කචේවා හෝටලයේ කාමරයක් තුළ නිරුවත්ව සිහිය නොමැතිව සිටියදී සොයා ගෙන තිබෙන බවයි.

ඇයව බරපතල ලෙස යම් පිරිසක් විසින් දුෂණයට ලක් කර ඇති අතර ඇයගේ රහස් පෙදෙස තුවාල සිදු වී ඇති බව ද වාර්තා වී තිබේ.මෙම සිද්ධිය සම්බන්‍ධයෙන් සාධාරණයක් ලැඛෙනු ඇතයි විස්වාසයක් නොමැති නමුත් සාධාරණයක් ලැඛෙන තෙක් සටන්කිරීමට තීරණය කර ඇතැයි ඇය පවාස සිටී

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ මහතා ඇතුළු අට දෙනෙකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමෙන් පසුව මුදා හැර තිබීම ද එයට එක් හේතුවකි’

වික්ටෝරියා කරාපිටියෙන් කොළඹට

වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝව්නා දැන් කන්‍යාවියක් !

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us