Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

දැරණියගල නූරි වතුයායේ ඩිස්පැන්සරියක් තුළ සිදුවූ ස්ත්‍රී දූෂණ වැලක සුලසුළ හෙළිවෙමින් තිබෙන බව වාර්තා වේ.

එම වතුයායේ පැවැති පාතාල පාලන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වද්දී අදාල තොරතුරු හෙළිවී තිබේ.

දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන අතකොටා නොහොත් අනිල් චම්පික විජේසිංහ විසින් අදාල භීෂණකාරී වටපිටාව නිර්මාණය කර තිබූ බව පොලිසිය කියයි.

ඔහුගේ ගෝල බාලයින් විසින් අදාල ඩිස්පැන්සරියට එම වතුයායේ සිටි දැරියන් රැගෙනවිත් ඔවුන් කෙළෙසා පසුව ඔවුන්ට බලහත්කාරයෙන් උපත් පාලන පෙති පවා පොවා ඇතැයි පැවසේ.
වසර 15කට ආසන්න කාලයක් මෙම වතුයායේ මේ භීෂණකාරී තත්ත්වය පැවැතී ඇති බවද වාර්තා වේ.
මේ අතර, ගොළුවා නැමැති අයගේ නැගණිය ඝාතනය කිරීමටද මේ පාතාල කණ්ඩායම් සම්බන්ධ බවට අනාවරණය වී තිබේ.

ඇය මරා දැමීමට යොදාගත් බවට සැකකරණ මෝල් ගසද මේවන විට සොයාගෙන ඇත.

ඊයේ (20) විශේෂ කාර්ය බලකාය සිදු කළ මෙහෙයමකින් නූරි වත්ත පහළ ලයිම කොටසේ අනිල්ගේ ගෝලයකු වන කරාටේ ශාන්ත විසින් පවත්වාගෙන ගිය කසිප්පු තිප්පලක්ද වටලා තිබේ.

කරාටේ ශාන්ත යනු චම්පිකගේ වධකාගාරය පවත්වාගෙන ගිය අය බවද පැවසේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us